තිත ද? කොමාව ද? - කාව්‍ය සංග්‍රහය
About this book
මාත් රාක්කෙක
පොතක්
කෙනෙක්
පිටකවරෙ රස විඳින
අයෙක් හැඳින්වීම
කියවන
තවකෙක් විවේචන මත පිහිටා
අතින්වත් නොඅල්ලා ඉන්න
කෙළවරක තියන
රාක්කෙක
අත මානෙ පොතක්......
මමත් ඔබත් රාක්කවල ඇති තෙත් වැනිය. සමහරු අල්ලා බලා තබා යයි. සමහරු පිට කවරයට ළොබ බදියි. තවත් සමහරුන් අනූන් බස් අසා නොඅල්ලා ම යයි. නමුත් පොත බරසාර ය, කතා බොහෝමය. ජිවිතයේ හිමිවන, අහිමිවන, ළඟට එන සියලු දෙනාම අප හදේ තබා යන කතාවකි. ඒ කතා කිව හැකි ආකාර ද දැකිය හැකි පැතිකඩයන්ද බොහෝමය. සමහර කතා වලට තිත තැබිය යූතුය. සමහර කතාවලට කොමාව දමා ඇදගෙන යා යුතුය. ආදරය, ප්‍රේමය, තරහව, බලය, අත්හැරීම, මූණ ගැසීම, වෙන්වීම, එකී නොකී හැමදේම කවි රස මවයි.
Details
ISBN
9786249260504
පිටු ගණන (Pages)
68
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
සඟවා කියන යථාර්ථයන් සහිත කවි රසක්අහම්බෙන් කියවපු පොතක්. බොහෝ කවි වල ව්‍යංගයෙන් කියවෙන දේ ඇති අතර මට දැනුනු කවි බොහෝයි. කිවිඳිය ඔබට සුභ පතමි
Write a review