තුරුම්පු මගේ අතේ
හෙල්ගා රොල්ෆ් ගෞරී, පැහැපත්, ඉතා රූමත් එමෙන්ම පවුම් මිලියන ගණනක වටිනාකමක් සහිත ව්‍යාපාර අධිරාජ්‍යයක් පාලනය කිරීමට තරම් දැනුමක් ඇති යුවතියකි. එහෙත් ඇයට ආවේණික රහස් දුර්වලතාවය නම් ලිංගික ආශාව පාලනය කර ගැනීමේ නොහැකියාවයි. ඇගේ හිටපු පෙම්වතෙකු වෙන ආචර් ඒ බව හොඳින් දනී. ඔහුට ඇය සමග බේරා ගත යුතු පැරණි ගනු දෙනු කිහිපයක් ඇත. එසේම ආචර් දැඩි මුදල් අවශ්‍යතාවයකටද මුහුණ දී සිටින්නෙකි. ආචර් හට කඩවසම් ගිගෝලෝ, ක්‍රිස්ටෝපර් ග්‍රෙන්විල් මුණගැසීමෙන් පසු ඔහු පහසුවෙන් මුදල් ලබා ගත හැකි ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරන්නට පෙළඹෙයි.
ආචර්ගේ මග පෙන්වීම අනුව හෙල්ගාට තමා නැතිවම බැරි තත්වයකට පත්කර ව්‍යාජ විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ක්‍රිස් පියවර ගනී. මේ අතර ක්‍රිස් පැහැරගැනීමකට ලක්වන අතර හෙල්ගා අති විශාල කප්පම් මුදලක් ගෙවීමට එකඟ වෙයි. ඒ අතර ප්‍රාදේහීය මාෆියා කණුඩායමක් තත්වය තම අතට ගනී. තම විශ්වාසනීය ගෘහ පාලක හින්කල්ගේ මැදිහත්වීම මත හෙල්ගාගේ මුදල් රැක ගැනීමට මෙන් ම බහු විවාහකයෙකුගෙන් ගැලවීමට ද තරම් හෙල්ගා වාසනාවන්ත වෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.