ටොම් සෝයර් - විදර්ශන ප්‍රකාශන
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
ටොම් සෝයර් යනු ඇමරිකානු ජාතික විශිෂ්ට ලේඛකයකු වන මාක් ට්වේන් (1835-1910) විසින් රචිත කෘති අතුරින් උසස්ම එකක් ලෙස සැලකෙයි.මෙය ලෝකය පුරා අතිශයින් ජනප්‍රිය වූවකි.
මිසිසිපි නදිය අසබඩ මිසුරි ප්‍රාන්තයේ හැනිබාල් නම් කුඩා නගරයේ සිය ළමා විය ගත කර මාක් ට්වේන් මෙම කෘතියට පසුබිම් කර ගත්තේ 1830 දශකයේදි ඔහු රස වින්ද ශාන්ත සුන්දර සරල ගැමි පරිසරයයි.කථා නායකයා ඉතා කෙළිලොල් කුඩා කොලුවෙකු වන ටොම් සෝයර් දවස පුරා යහළුවන් සමග එක් වී දගකාරකම් තක්කඩිකම් කරන අයුරුත් අහිංසක කුඩම්මා රවටන අයුරුත් බෙහෙවින් හාස්‍ය ජනකය.
ටොම්ගේ චරිතය නිර්මාණය කිරිමේදි මාක් ට්වේන් සිය චරිත ලක්ෂණ සහ ජීවිතයේ සිදුවිම් යොදා ගෙන ඇත.කථාවේ නිරායාස ස්වාභාවික ගලායාමට මෙය හේතුවක් වී තිබේ.ඉතා කාර්ය බහුල තරඟකාරි අවිවේකි ජීවිත ගෙවන අප තුළ මේ සුන්දර ගැමි පරිසරයද එහි වසන චාම් සරල ගැමියන්ගේ පැවතුම්ද කුඩා ටොම්ගේ දඟකාරකම්ද මහත් චමත්කාරයක් විනෝදයක් උපදවයි.
Details
ISBN
97895515591046
පිටු ගණන (Pages)
341
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review