උල්පතක් රැගෙන ඇවිදිනා මඟිය
චේත්‍යා විදානපතිරණ ගේ කවියෙහි ලාක්ෂණික ස්වරූප කවරේදැයි කෙනකු විමසුව හොත් මා නම් කරන්නේ, ඇගේ කවියෙහි පවත්නා අන්තරාවර්ති ස්වභාවයයි; එමෙන් ම අවංක හා නොසඟවනසුළු ගුණයයි. එකී ගුණාංග සාහිත්‍යික අගය සමග සෘජු සම්බන්ධතාවක් නැත ද නිර්මාණයෙහි ගුණාත්මක අගය කෙරෙහි අදාළ වෙයි.
හීන් ඉඳිකටු තුඩක රිදුමකින් හැඩුව
සියුමැලිය මොලකැටිය ඈ බාල බොළඳ
අතට ගෙන අද දිවිය ගැටගසන නූල
ඉරුණු තැන් එලලලා පළඳිය කෑලල
එදා සියුමැලි දැරිය අද පවුලේ ආර්ථිකයටත්, එමඟින්ම ජාතික ආර්ථිකයටත් දායක වන දැවැන්ත චරිතයක් බවට පත්ව සිටින්නීය. චේත්‍යා, ස්ත්‍රීත්වය ත් එහි ලද-බොළඳ කමත් පිරිසිඳ දකින්නී, කදිම රූපකාර්ථවත් බසකට මේ අත්දැකීම ගොනු කරන්නීය.
"රත්තරන්" නමින් මෙහි එන රචනය, උත්ප්‍රාසිය ගුණ මෙන් ම, ව්‍යංගයෙන් පිරිපුන් අනුභූතියක් ද අපට පිරිනමයි. රන්බඩු උකසට තබන්නට යන විට, එහි අයිතිය තහවුරු කර ගැනීමට උකස්කරු විසින් ප්‍රශ්න ඇසීමක් සිදුවෙයි. ඊට ඇගේ ප්‍රතිචාරය මෙබඳුය:
මගේ ද කියලා අහද්දි
තිගැස්සෙන්නට හේතුව
මගේ නොවෙයි කියලා
හිතෙන්නෙ නැති එකයි තාම
හොරකම් කරපුවා නොවෙයි
හැමදේම හෙට්ටි වීදියට ගේන
ආදරෙන් දවසක පළන්දපු
මඟුල් මුද්දක් මේක
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.