Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / උමතු බිමෙන් පලා යාම

උමතු බිමෙන් පලා යාම

About this book
රිකී හිතුවක්කාරයෙක්.

රිකී හිතුවක්කාර වුණේ, තාත්තා කෙනෙකුත් නැතිව, බාප්පාගෙ කෙණෙහිලිකම් මැද හැදෙන්න සිද්ධ වුණ නිසා. ඒත් රිකීගේ නපුරු බාප්පා නම් කිව්වෙ, හිතුවක්කාරකම කියන්නෙ මානසික රෝගයක් කියලා. ඒ මානසික රෝගයට ප්‍රතිකාර කරන්න කියලා බාප්පා රිකීව බලහත්කාරයෙන්ම මානසික රෝහල්වල නැවැත්තුවා. රිකීව මානසික රෝහලක නවත්තන හැම වෙලාවකම අම්මා ගිහින් රිකීව ගෙදර එක්කරගෙන ආවා. ඒත් බාප්පා ආයෙමත් රිකීව තවත් මානසික රෝහලකට ගිහින් දැම්මා. මානසික රෝහල් වල අමානුෂික ප්‍රතිකාර ක්‍රම වල පීඩාව විඳපු රිකී තව තවත් හිතුවක්කාර වුණා.

අන්තිමේදී රිකීට නවතින්න සිද්ධ වුණේ බෘෘක්ලින් මානසික රෝහලේ.. බෘෘක්ලින් වෙනස්ම තැනක්. මහා භයංකාර හීනයක් වගේ බිහිසුණු තැනක්. එතන කෙරුණේ මානසික රෝගීන්ව සුවපත් කිරීමක් නොවෙයි. මානසික රෝගීන් කියලා එතනට එකතු කරගත්ත තරුණ ළමයිනගේ ජීවිතත් එක්ක අවදානම්, භයංකාර සෙල්ලමක්.. ඒ රෝගීන්ව එක එක අත්හදාබැලීම්, පර්යේෂණ වලට යොදා ගැනුණා. හරියට පර්යේෂණාගාර මීයන්ව වගේ.

බෘෘක්ලින් රෝහලේ ප්‍රධානියාගේ තවත් පර්යේෂණයක "පරීක්ෂ්‍යමානයා" විදිහට රිකී ව යොදා ගන්න තීරණය කෙරුණා. පරීක්ෂණ වලට ගෙනාපු මීයන්ව කූඩු කරනවා වගේම, රිකීවත් අමුතු පුංචි කුටියක හිර කෙරුණා. දැන් ඉතින් රිකීව මෙතනින් බේර ගන්න අම්මා එනකල් බලාගෙන ඉන්න වෙලාවක් ඉතිරි වෙලා නෑ. රෝහල් ප්‍රධානියාගේ පරීක්ෂණාගාරයේ මේසයක් උඩ, රිකීගෙ ජීවිතේ බියකරු විදිහට ඉවරයක් වෙලා යන්න කලින්, රිකී මෙතනින් පැනගන්න ඕන.

මේ උමතු අඩවියේ කවුරුම හරි කෙනෙක් රිකීට ජීවිතේ බේරගන්න උදව් කරයිද?

ISBN
9786245664146
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උමතු බිමෙන් පලා යාම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.