උපන් ලපය
"කර-කර" ශබ්දයකින් ඇට බිඳෙන දණහිසට වාරු වෙමින් අටමාන් මළ සිරුරේ එක් පයක් වසා ඇති සපත්තුව ඉක්මනටත්, දක්ෂ ලෙසත් ගලවා ගත්තේය. අනික් පයෙන් සපත්තුව ගලවා ගැනීම ලෙහෙසි නොවූයේ, මේස් වැස්ම සපත්තුවට පැටලුණ නිසා විය යුතුය. අටමාන් කෝප වී නොසරුප් බසින් බැණ වදිමින්, මේස් වැස්මත් සමඟ සපත්තුව ඇද ගත්තේය. එවිට මළ සිරුරේ පයේ ඇස්වටය නග්න වී පරෙවි බිත්තරයක් වැනි උපන් ලපය පෙනිණි. මළ සිරුර අවදි කිරීමට බිය වූවාක් සේ අටමාන් ඒ වන විටත් හීතල වීමට පටන් ගෙන තිබුණු හිස පරෙස්සමින් හරවා බැලුවේ අත පුරා ලේ තවරාගෙනය. මළ සිරුරේ කටින් පිට වුණු ලේ ධාරාවකින් ඔහුගේ අත තෙමිනි. එහි මුහුණ දෙස ඕනෑකමින් බැලූ අටමානයා කුදු ගැසුණු පිට නිසා දෙපැත්තට වැටෙන උරහිස් නුහුරු ලෙස වැලඳ ගෙන ගොළු හඬින් වැලපෙන්නට විය. "අනේ පුතේ... නිකෝල්කා... මගේ පුතා.... මගේ ලෙයින් උපන් පුතා...'' කළු පැහැගත් අටමාන් කෑගැසීය. "අනේ මගේ පුතේ, වචනයක්වත් කියාපන්කෝ... මේක වුණේ කොහොමද?"
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.