Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මිණිඊල

මිණිඊල

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මම ඇමරිකාවේ නිව්යෝක් නුවර පරණ බඩු විකුණන විශාල වෙළෙඳසලක ප්‍රසිද්ධියේ පැවැත්වූ කෞතුක භාණ්ඩ වෙන්දේසියක් නැරඹීමට ගියෙමි. එය සැබැවින් ම කෞතුකාගාරයක් නො ව, කෞතුක භාණ්ඩ මිල දී ගෙන එම භාණ්ඩ ප්‍රසිද්ධියේ වෙන්දේසි කරන වෙළෙඳපළකි. ඒවා විකුණුවේ 'පරණ බඩු' යන වෙළෙඳ නාමය යටතේ වුවත් එහි කෞතුක වටිනාකම ප්‍රසිද්ධියට පත් කරන්නේ යම් අරපරිස්සමකින් බව වැටහිණි. එහෙත් ඒවා හොරබඩු විකිණීමක් නම් නොවන බව ඉතා පැහැදිලි ය. එම භාණ්ඩවල මුල් අයිතිකරුවන්ගෙන් ලබාගත් ලියවිල්ලක් එම වෙළෙන්දා සතුව තිබෙන බව මට එම වෙන්දේසියෙන් පසුව පැහැදිලි විණි.

මෙම වෙන්දේසියේ විශාල ම මිලකට අලෙවි වූයේ රාජකීය උඩුකය සැට්ටයකි. එම උඩුකය සැට්ටය වෙන්දේසියේ දී හඳුන්වා දෙන ලද්දේ ශ්‍රී ලාංකික රාජ පරම්පරාවේ මුල්කාලීන සිංහල රජකුගේ රාජකීය ඇඳුමක් ලෙසින් ය. මෙයට ලන්සු තබන්නන් අතරට මම ද එක් වන්නට සිතුවෙමි. එහෙත් මා සතු ව එවැන්නක් මිල දී ගැනීමට මුදලක් නො තිබිණි. මට මාගේ රටේ අතීත උරුමයක් දැකීමෙන් ලත් ප්‍රබෝධය පමණක් තිබිණි.

මම ලන්සුපොළේ පෙරමුණට ම ගියෙමි. එම උඩුකය රාජකීය සැට්ටය මට ලබා ගත හැකි නම් කෙ තරම් වටින්නේ දැ යි මම කල්පනා කළෙමි. මෙය ඇමරිකාවේ පරණ බඩු කඩයක වෙන්දේසි වන තැනට පත් කළේ කවුරුන් විසින් ද? මෙය ලංකාවේ කටුගෙයි තිබිය යුතු, ශ්‍රී ලාංකිකයන්ට ම දැකබලාගැනීමට අවස්ථාව සලසා දිය යුතු අගනා වස්තුවක් නොවන්නේ ද? සැබැවින් ම මෙය කාගේ හෝ වරදකින් මේ රටට පැමිණියක් ද? නැති නම් අතීත ආක්‍රමණිකයන් විසින් අත්පත් කරගෙන තිබී එහි යටගියාව පිළිබඳ තොරතුරු නැති වීමෙන් පරණ බඩු කඩයකට ගොඩ වැදුණු එකක් ද? එසේ නම් මේ වෙන්දේසිකරුවා එහි යම් ඉතිහාසයක් දැනගත්තේ කෙසේ ද? ඔහු මෙය මවා කීවේ නම් මීට වඩා ප්‍රබල රටක නමක් කිව යුතු ව තිබිණි. එහෙත් එය මුල්කාලීන ශ්‍රී ලාංකික රජකුගේ බව කියන්නට යම් සාධකයක් ඔහු සතු ව තිබෙන්නට පුළුවන.

ISBN
9789556618297
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිණිඊල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.