Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ

උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ

About this book

“මේ අතර පසු දිනෙක උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ දහසක් පමණ වූ ඒ භික්‍ෂූහු අප ගේ පැවිදි කිස මුදුන් පත් විය. සසර ගමන අවසන් විය. මින් මතු කළ යුතු දෙයක් නැත. මේ නිසා අපි බැහැර ගොස් කුමක් කරන්න දැ?”යි සිතා වෙන කොහි වත් නොවැඩ උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ ම පිරිවරා ගෙණ හැසිරුණහ.

මේ දහසක් පමණ භික්‍ෂූහු එක් සද්ධිවිහාරික නමක් බැගින් ගත් කල්හි මුළු පිරිස දෙදහසක් පමණ වූහ. දෙනමක් බැගින් ගත් කල්හි මුළු පිරිස තුන්දහසක් පමණ වූහ. මෙසේ කල් යත් ම උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ වටා මහත් වූ භික්‍ෂු පිරිසක් එක්රොක් වූහ.

කරුණු මෙසේ පවතින බැවින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් මහ විහාරයේ වැඩ වාසය කරමින් භික්‍ෂු සංඝයාට අග්‍රස්ථාන පිරිනමන කල්හි “මහණෙනි, මගේ මේ ශාසනයේ මහත් වූ පිරිස් ඇති භික්‍ෂූන් අතුරින් උරුවෙල කාශ්‍යපයන් අග්‍ර වේ”යයි වදාරමින් උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ මහත් වූ පිරිස් ඇති භික්‍ෂූන් අතුරින් අග්‍රස්ථානයේ තැබූ සේක.”

ISBN
9789556862010
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.