වෛරයේ අග්නි ධාරා
"අනේ සර් ඒ මොන අපරාධයක් ද?"
"අපරාධයක් තමයි... ඒ වුණාට නාරද ඒ අපරාධය කරන්නම ඕනේ..."
"අනේ සර් මට බෑ..."
"එහෙමනං නාරද උඹට මෙතනම මැරෙන්න වෙනවා... මම උඹට තව තත්පර දහයයි දෙන්නේ... දැන් තීරණයක් ගනින්... ලක්ෂ සියය ද ජීවිතය ද කියලා එකයි... දෙකයි... තුනයි... හතරයි..."
"සර්... සර්... අනේ සර්... ම... මං අහන්නේ ඇයි සර් නිලංග සර්ව මරන්න හදන්නේ... සර්ගෙ කිට්ටුම යාළුවෙක් නේද ඒ... ඇයි සර් මේ?"
එඩ්වඩ් පිස්තෝලය තවත් නාරදගේ නළලට තබා තද කෙරුවේ නිලංග ගැන ඇති වූ කෝපය තවත් වැඩි වීමෙනි.
"එදා නිලංගව රණසිංහ ඩොක්ටර්ගේ වෝඩ් එකට අරගෙන ගියා මතක ඇති නේ?"
"ඔ...ඔව් සර්..."
"ඌ අපේ මැඩම්ට බලහත්කාරකමක් කරන්න හදලා නාරද... හයසින්ත් මැඩම් තමයි උගේ ඔළුවට ගහලා බෙල්ල කැපුවේ..."
"හත්වලාමේ ඌව තියලා මදි නේද සර්..."
"ඒක තමයි බං මං මෙච්චර කියවන්නේ... දැන්වත් තමුසේ මං කියන වැඩේ කරනව ද?"
"මං වෙඩි තියන්න දන්නේ නෑ සර්... ඒකයි..."
"හරි... මට කියනවා තමුසේ මේ වැඩේට කැමති ද කියල"
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.