විජය - සිනමාවේදියා සහ දේශපාලනඥයා නොනිමි ගමනක පියසටහන්...
තරුණ කාලයේ සිටම ලේඛන කලාවෙහි නිපුණත්වයක් දැක්වූ අමර සිසිල් සම්පත් (සම්පත් වේරගොඩ) විචාරාත්මක බුද්ධියකින් හෙබි දේශකයෙකි. සමාජවාදී ආකල්ප වලින් හෙබි සමාජ ක්‍රියාකාරිකයෙකි. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භකයෙකු මෙන්ම උපසභාපතිවරයෙකු වූ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත සරත් ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස අත්දැකීම් සම්භාරයක් රැස් කර ගෙන ඇත. සම්පත් වේරගොඩ මොරටුව වේල්ස් කුමර, කොළඹ ආනන්ද යන විද්‍යාලවල නියෝජ්‍ය විදුහල්පති ලෙසත් මොරටුව වේල්ස් කුමර හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලවල විදුහල්පතිවරයා ලෙසත් කටයුතු කළේය. ඔහු දැනට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුට අවශ්‍ය සුදුසුකම් සපුරා සිටී.
සම්පත් වේරගොඩ දිවංගත විජය කුමාරතුංගයන්ගේ සිනමා ජීවිතය කෙරෙහි මෙන්ම දේශපාලන දැක්ම කෙරෙහි ද ප්‍රසාදයෙන් යුතුව කටයුතු කළ අයෙකි. මෙම පොත එළිදැක්වීමෙහිලා පරිශීලනාත්මක කැපකිරීමක් කළ අයුරු මම දුටිමි. එමෙන්ම "විජය" ගැන ලියන ලද ප්‍රථම කෘතිය මෙය වන අතර මේ තුළින් ඔහු උත්සාහ කළේ විජයගේ චින්තනය, ක්‍රියාකාරකම් විවිධ අවස්ථා උපයෝගී කරගෙන ජනගත කිරීමටයි.
එහි දෙවන මුද්‍රණය 34 වන විජය කුමාරතුංග ගුණ සැමරුම් අවස්ථාවේදී යළි එළි දැක්වීම ගැන කෘතඥ වෙමි.
ආචාර්ය මාදම්පාගම අස්සජි අනුනායක ස්ථවිර
නියෝජ්‍ය ලේඛකාධිකාරී
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.