Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / විවාහක ප්‍රේමය

විවාහක ප්‍රේමය

About this book

මොරවියා ගේ නවකතාවලින් නිරූපණය කොට දැක්වෙන්නේ සමාජයෙන් පරාරෝපණය වීම හා ප්‍රේමයෙන් තොර වූ ලිංගිකත්වය පිළිබඳ තත්ත්වයයි. ඔහු විසිවන සියවසේ ඉතාලියානු සාහිත්‍යෙය් මුල් පෙළේ ලේඛකයෙකි. ඔහුගේ ප්‍රථම නිර්මාණය වූ Time of Indifference නවකතාව මධ්‍යම පන්තියේ මවකගේ හා ඇයගේ දරුවන් දෙදෙනාගේ සදාචාර පරිහානිය පිළිබඳ අතිශයෙන්ම දැඩි, විචාරාත්මක, යථාර්ථවාදී අධ්‍යයනයකි. එය පාඨකයන් අතර උද්වේගී භාවයක් ඇති කළ සාර්ථක නවකතාවක් විය . ඔහුගේ අනෙකුත් වැදගත් නවකතා අතර Two Adolescents, The Woman of Rome, Disobedience, The Conformist යන නිර්මාණ දැකිය හැකිය. මේ සියලු නිර්මාණ පුද්ගල හුදෙකලාභාවය සහ සමාජයෙන් පරාරෝපණය වීම පිළිබඳ තත්ත්වය තේමා කොට ගනියි. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු යුගයේ ඉතාලියානු ජීවිතයට අනුගත වීමේ ස්වභාවය Two Women නවකතාවෙන් නිරූපිත ය. The Empty Canvas නවකථාවෙන් කියැවෙන්නේ ප්‍රේමය තුළ හෝ නිර්මාණ කාර්යය තුළ හෝ අරුතක් සොයා ගැනීමට අසමත් වූ චිත්‍ර ශිල්පියෙකුගේ කතාන්දරයයි. 

ඇල්බටෝ මොරෝවියාගේ තවත් වැදගත් නිර්මාණයක් වූ Conjugal Love නම් නවකථාව ‘විවාහක ප්‍රේමය’ ලෙසින් මෙලෙස සිංහලට නඟන්නේ ප්‍රවීන ලේඛකයකු, පරිවර්තකයකු හා මාධ්‍යෙව්දියෙකු වූ ආර්. එස්. කරුණාරත්න සූරීන් විසිනි. The Island පුවත්පතේ උපකතුවරයෙකු ලෙස සිය වෘත්තිය ඇරඹූ ඔහු ඉන්පසු Daily News පුවත්වත් නියෝජ්‍ය කර්තෘ ලෙසත් Daily Mirror හා Sunday Times පුවත්පත් වල ප්‍රධාන උප කර්තෘ ලෙසත් Sunday Observers පුවත්පතේ විශේෂාංග කර්තෘ හා සම කර්තෘ ලෙසත් සේවය කර ඇත.

Details
ISBN
9786245638208
පිටු ගණන (Pages)
130
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: විවාහක ප්‍රේමය

Reviews are published once a member of our team has read them.