වහන්කඩ
"කොඬොල්" යොවුන් නවකතාව ඔස්සේ සිය සාහිත්‍යාගමනය සටහන් කළ මොනිකා කුමාරි ලියනගේ කතුවරිය 'වහන්කඩ' නමින් සිය දෙවන යොවුන් නවකතාව අප හමුවට ගෙන එයි. කතාකාරියක ලෙසින් නොව ප්‍රබන්ධ රචිකාවක ලෙස සිය ස්ථාවරය ගොඩ නංවා ගැනීමට ඇය දරන තැත මෙම නව කෘතිය මගින් ද විශද කෙරෙයි. ගොඩගේ අත්පිටපත් තරගය ඔස්සේ සිය රචනා කෞශල්‍යය ඔපවත් කරගත් ලියනගේ මොනිකා කුමාරි, නිසැකව ම හෙට දවසේ සිංහල යොවුන් සාහිත්‍ය ශානරය අර්ථ සම්පන්න කරනු ලබන වැදගත් කතුවරියක වන බවට සහතිකයක් 'වහන්කඩ' ඔස්සේ තහවුරු කරන බව කිව මනාය.
ප්‍රබන්ධ භාෂාව කෙරෙහි කතුවරිය දක්වනු ලබන සැලකිල්ල ඇගේ නිර්මාණයන්හි දිදුලන ආලෝකයකි. අන්තර්ගත පුවතට පාදක චරිත ස්වභාවයන් පාඨකයාගේ හෘදයාභ්‍යන්තරයේ නිදන් කරවීමේ සමත් සජීව බවක් ආරෝපණය කරගත් බස්වහර, 'වහන්කඩ' සහ පාඨකයා අතර අවියෝජනීය බන්ධනයක් ඇති කරයි. 'වහන්කඩ' යොවුන් නවකතාව නිසැකව ම පාඨක ප්‍රමෝදය ඇති කරවනු ලබන සාහිත්‍ය නිර්මාණ කාර්යයක් බව මගේ විශ්වාසයි.
අනුරසිරි හෙට්ටිගේ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.