Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වහන්කඩ

වහන්කඩ

About this book

"කොඬොල්" යොවුන් නවකතාව ඔස්සේ සිය සාහිත්‍යාගමනය සටහන් කළ මොනිකා කුමාරි ලියනගේ කතුවරිය 'වහන්කඩ' නමින් සිය දෙවන යොවුන් නවකතාව අප හමුවට ගෙන එයි. කතාකාරියක ලෙසින් නොව ප්‍රබන්ධ රචිකාවක ලෙස සිය ස්ථාවරය ගොඩ නංවා ගැනීමට ඇය දරන තැත මෙම නව කෘතිය මගින් ද විශද කෙරෙයි. ගොඩගේ අත්පිටපත් තරගය ඔස්සේ සිය රචනා කෞශල්‍යය ඔපවත් කරගත් ලියනගේ මොනිකා කුමාරි, නිසැකව ම හෙට දවසේ සිංහල යොවුන් සාහිත්‍ය ශානරය අර්ථ සම්පන්න කරනු ලබන වැදගත් කතුවරියක වන බවට සහතිකයක් 'වහන්කඩ' ඔස්සේ තහවුරු කරන බව කිව මනාය.

ප්‍රබන්ධ භාෂාව කෙරෙහි කතුවරිය දක්වනු ලබන සැලකිල්ල ඇගේ නිර්මාණයන්හි දිදුලන ආලෝකයකි. අන්තර්ගත පුවතට පාදක චරිත ස්වභාවයන් පාඨකයාගේ හෘදයාභ්‍යන්තරයේ නිදන් කරවීමේ සමත් සජීව බවක් ආරෝපණය කරගත් බස්වහර, 'වහන්කඩ' සහ පාඨකයා අතර අවියෝජනීය බන්ධනයක් ඇති කරයි. 'වහන්කඩ' යොවුන් නවකතාව නිසැකව ම පාඨක ප්‍රමෝදය ඇති කරවනු ලබන සාහිත්‍ය නිර්මාණ කාර්යයක් බව මගේ විශ්වාසයි.

                                                                                අනුරසිරි හෙට්ටිගේ

ISBN
9786240014663
පිටු ගණන (Pages)
279
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වහන්කඩ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.