Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වනමල

වනමල

About this book
"ඔව්.....මොකද කියන්නේ....කොහොම හරි ඕලෙවල් තෲ කරගන්න...ඒලෙවලුත් පාස් උනොත් එළ...." "එතකොට සර්ට මාව මතක් වෙයිද දන්නෙත් නෑ..."ඇය එවර නම් කීවාය. "ඒ මොකද.....?"අශේන් ඇසුවේය. "අවුරුදු තුනක් කියන්නේ ලොකු කාලයක්".....ඇය කීවාය. ඇය තමාගේ හදවත ගල් පවුරක නොසැලෙන රුවක් ලෙසින් සිත්තම් වී තිබෙන බව අශේන්ට කියන්නට නොහැකි කම මොනතරම් කණගාටුවට කරුණක් දැයි ඔහු කල්පනා කළේය. "ඒ වගේම තමයි.....සමහරවිට සමහර අයට ඒක පුංචි කාලයක් වෙන්න පුළුවන්.... අහලා නැද්දකොච්චර ඉක්මණට කාලේ ගියාද කියලා සමහරු කියනවා.... එය නම් ඇත්තකි. ජීවිතේ බොහෝ දේවල් සොයන්නට වෙද්දී එය විසල් කාලයකි. සියල්ලම ලැබෙද්දී එය කුඩා කාලයකි. "අපිට ජීවිතේ කියන්නේ ගොඩක් අමාරු නිසා ඒක ගෙවාගන්න කාලෙ දිගයි වගේ පේනවා....සමහරුන්ට නෑ....ඇය තරමකට යටැසින් මෙන් අශේන් දෙස බැලුවාය. "සර්ලට වගේ..". එවර සිනහවක් ගියේ ඔහුටය. මෙම පන්තියෙන් පිටව යන ඔහුට මෙම පන්තියට යළි එනතුරු කාලය මොනතරම් දිගු කාලයක් වී තිබේ දැයි ඇයට කිව නොහැකිය. ඇය හා ගෙවන මෙම කාලය ඔහුට සිතෙන්නේ තත්පරයක කාලයක් ලෙස බව ඇයට කියන්නේ කෙසේද...? "එහෙනං ඉතින් ඒ අවුරුදු තුන මට එච්චර කාලයක් වගේ දැනෙන එකක් නෑ නේ....එතකොට මට ඔයාව කොහොමටවත් මතක් වෙයි නේ..."ඔහු කීවේය.
ISBN
9789550781652
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වනමල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.