වරාමල්
About this book
ශාන්ති දිසානායක සිංහල භාෂාව අතිප්‍රවේගකාරි භාෂාවක් බවත්, ගැමි පරිසරය ඉස්මතු කරලීමට භාෂාව නිර්මාණාත්මක ව යොදාගත හැකි බවත් විශාද කරවමින් වරා මල් රචිත ය.ශබ්දාර්ථ සුන්දර ගර්භ භාවයට පත් කළා ම වරා මල් සුවඳ රහිතයි.ඒත් ඉතා දිගු කලක් අව්වැසි ඇතත් නැතත් ප්‍රාණවත් ව සිටින්නක්.වරා පොහොට්ටුව මහ හඬ නඟනවා.එවන් වරා මලක් ගැන කියන කතාවක් 'වරා මල්'.
ගැමි ජීවිතයත් එහි සුවඳත් විස්තර කිරිම සඳහා අව්‍යාජ අත්දැකීම් අවශ්‍යයි.ගමත් එහි මිනිසුන් ගේ චර්යා රටාවත් කුලවාදය වැනි සම්බාධක මැද ජීවත් වන පීඩිත පන්තියකුත්, සමාජීය වශයෙන් දුක් විදින පරම්පරා දෙකකුත් තමන් ගේ ජීවන මාර්ගය සාර්ථක කර ගනු වස් ගෙන යන ඛේදජනක ප්‍රයත්නය වරා මල් විග්‍රහ කරනවා.නිලන්ති, ලොකු මාමා, මහතුන්, අම්මා, උපුල් ,අයිරාංගනී යන හැම දෙනාම ජීවන මාර්ගයේ ගැටලු විසදා ගන්නට ක්‍රියා කරනවා.මේ අනුව ශාන්ති දිසානායක ලියූ වරා මල් කෘතියට 1999 වසරේ පළ වු ප්‍රශස්තතම නවකතාවට හිමි විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය කළ යුතු යැයි මා නිර්දේශ කරනවා
මහාචාර්ය තිස්ස කාරියවසම්
Details
ISBN
978955573514X
පිටු ගණන (Pages)
211
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review