වසන්තයේ අග
අප කුඩා සන්දියේ සිට ගුවන් විදුලියෙන් අසා දැනගත්, පුවත්පත් සඟරාවන්හි පළට කළ යශෝඝෝෂා නැංවූ කපිල කුමාර කාලිංග සැබෑ සුළවතෙකි. නිරන්තරයෙන් කෘතීන් හදාරන පාඨකයෙකි. රසානන්දනීය අර්ථ සම්පාදනය කරන ප්‍රකාශනයෙහි නිර්මාණවේදියෙකි. කවිය, නාට්‍යය, කෙටිකතාව, නවකතාව, විත්ති රචනා විෂයයෙහිලා කීර්තිමත් ඔහු සුභාවිත ගීත ප්‍රබන්ධකරණයෙහිලා විශද කළ කවිතා ගුණය, පිළිබා සවිය අපරිමිතය. නිසර්ග සිද්ධ කවි කුසල බලයෙන් පරිණත හෙතෙම උභය භාෂාවන්හි හසළ දැනුමැති ඉන් නිපුණතා පළකළ සුධීමතකු බැව් අමුතුවෙන් කියයුතු නැත. ‘වසන්තයේ අග' ගීතය ඇතුළු මනෝරම්‍ය ගීත ගණනාවක් පබැඳීමෙන් ගීත ආකෘති, තාල, නාද, ලය, ස්වර, ශ්‍රැති, රිද්ම රටා, කාව්‍යොක්ති මැනවින් වියත් කළ කපිල මේ සා දිගු කලක් තමන් විසින් නිර්මිත ගී පද මාලා සමුච්චයක් පාඨක අත පත් කිරීම කාලෝචිතය. ඉදානීන්තනයේ වාණිජවාදයට යටවුණු, නිසරු බොල් අවරගණයේ ගීත හතු අවිචාරශීලී කාලයක මෙබඳු ගී විසින් සිංහල ගීත ක්‍ෂේත්‍රයට පුනර්ජීවීය ආලෝකයක් පතිත කෙරෙනු ඇත. භවෝ දීපක භාෂා භාවිතය අර්ථ ශබ්ද අලංකාරයෙහි මධුර නාද ධ්වනි නැංවෙන ප්‍රබන්ධ කරණයේ කඩඉම් ඔහු විසින් පුළුල් කොට තිබේ. ඒ ගී සවන් වැකෙන කල්හි අපට අපූර්ව ආස්වාදයක අනුභූතීන් විඳිය හැකිය. එම වේදිතය ප්‍රභාස්වර සිතුම් පැතුම් සතු කපිලගේ ව්‍යායාමයට සුබාශිර්වාදයක් වනු නිරනුමානය.
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මානව විද්‍යා අංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.