කන්දේ වීදිය ස්වර්ණ පුස්තක සම්මාන 2013
කන්දේ වීදිය නවකතාවේ මගේ සිත වඩාත් ඇදගත්තේ කාලිංගගේ ශෛලියයි. 19 වැනි සියවසේ අග හෝ විසි වෙනි සියවසේ මුල ඓතිහාසික පසුබිම ලෙස ගෙන නවකතා රැසක් මෑත කාලයේ බිහි විය. ඒ ඇතැම් නවකතාවක නොයෙක් භාෂා ගිනිකෙළි සංදර්ශන තිබිණි. ශිල්පීය ජිම්නාස්ටික් තිබිණි. කන්දේ වීදිය නවකතාව එවැනි කිසිවක් නැතිව ඒ යුගය සහ ඒ යුගයේ මිනිසුන්ගේ ජීව ගුණය අපට වත්තු ගන්වන්නට සමත් වෙයි. එහි ලා කාලිංග භාවිත කරන අල්පෝක්තියට කිට්ටු ශෛලිය ඉතා උචිතය. නවකතාවක භාෂාව උචිතද නැද්ද යන්න ඒ නවකතාවෙන් බාහිර අන් කිසිම කාරණයකින් නිශ්චය කළ නොහැක්කකි. මූලික කාරණය ඒ භාෂාව වෙත පාඨකයා ඒත්තු ගැන්විය හැකි පෙලඹවීමේ බලය පවතී ද යන්නයි. මේ නවකතාවේ ශෛලිය සහ විෂය අතර ඇති මනා ගැළපීම නිසා ඇති වන පෙලඹවීමේ බලය අපේ සිත වහා ඇද ගනී.
ලියනගේ අමරකීර්ති
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.