වසන්තයේ මළගෙය
About this book
“වසන්තයේ මළගෙය” නවකථාව ලියූ බණ්ඩාර ජයවීර වනාහී බටහිර වෛද්‍යවරයෙකි. වෛද්‍ය විද්‍යාව සහ ප්‍රබන්ධ කථා කලාව අතර අන්‍යෝන්‍ය නොපෑහීමක් බැලූ බැල්මට පෙනුණද, මේ නවකථාව කියවන පාඨකයාට එබන්දක් නොසිතෙනු ඇත. මන්දයත් “වසන්තයේ මළගෙය” තුළින් අතිශය ප්‍රබල ජීවිතානුභූතියකට සහභාගී වීමේ වරම පාඨකයාට ලරබෙන බැවිනි. මේ නවකථාවෙහි අත්දැකීම, හුදු කල්පිතයක් නොවේ සත්‍යයකි. හැත්තෑ එකේ කැරැල්ලට හසුවී බන්ධනාගාර ගත වූ දේශපාලන සිරකරුවන් පිරිසක් විසින් දෑවුරුදු කාල පරාසයක් තුඝ විඳිනු ලැබුවා වූ අනුවේදනීය වූත්, කුරිරු වූත්, අමානුෂීය වූත් අත්දැකීම් සමුදායයක් මෙමඟින් ඉතා සජීව ලෙස චිත්‍රණය කෙරේ. බණ්ඩාර ජයවීර නම් වූ ප්‍රබන්ධ කථාඛාර වෛද්‍යවරයාට මේ වෘත්තාන්තය මෙතරම් ප්‍රබල හා සජීවී ලෙස නිරූපණය කිරීමට හැකියාව ලැබී ඇත්තේ ඔහුද එක්තරා කාල පරිච්ඡේදයක දේශපාලන සිරකරුවෙකු වශයෙන් ඒ අඳුරු සිපිරි ගෙය තුළ කල්ගත කළ බැවිනි.
Details
ISBN
9789553609601
පිටු ගණන (Pages)
391
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 1
-
★★★★★ Dr Bandara Jayaweera's critical thinking capacity and the substantial way of demonstrating experiences and the extraordinary manner of expressing feelings and situations shines in a unique and surprising aspect with this masterpiece.This was one of the greatest, heart touching books that I ever read. While being with Dr Anura (The main character of the story) I gained so many new experiences which no one could earn unless being in the same situation.
Thank you so much for giving me this great opportunity to read such a wonderful book and may you have much more creative thoughts and the courage to write more for your fans like me.
Cheers!
Write a review