වත්ත පහළ සුමිතුරෝ
2021- 2030 කාලය, සංවේදී පරිසර පද්ධති ස්ථාපිත කිරීමේ දශකය (THE UN Decade on Restoration of Sensitive Ecological systems) ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කර තිබේ. රටක පාරිසරික උරුමය අනාගත පරපුර වෙත දායාද කිරීම සහ පරිසර හානි වළක්වා ගනිමින්, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරේ. මෙහිදී උද්‍යෝගිමත් කාර්යභාර්යයක් ඉටුවන්නේ, සහභාගිත්ව පාරිසරික වැඩසටහන් මගිනි. දරුවන් සතු කිලිටි නොවූ හදවත මෙවන් සහභාගිත්ව ක්‍රියාකාරකම් හිදී වැදගත්ය. එසේම දරුවා යනු බිම් මට්ටම සිය ස්ථරායනය කර ගත්තෙකි. ඔහුගේ නොඉදුල් සංවේදීභාවය සහ බිම් මට්ටමේ ස්පර්ශය වූ කලි, පරිසර සංරක්ෂණය සඳහා වූ අගනා පදනමකි. සසිරු යොනාල් බෝජිතගේ මෙම ග්‍රන්ථය එම සම්මුඛ වීමේ කැඩපතක් වැන්න. විෂය බාහිර ක්‍රියාකාරකම් ගණයට මෙම ග්‍රන්ථය ඇතුළත් වන්නේ නමුදු, ජීවිතයේ සහ සිය වටපිටාවේ ඇති අභ්‍යන්තරය වෙනුවෙන් ඔහුගේ කැපවීම මෙම ග්‍රන්ථය පෙන්නුම් කරනු ලබයි. දරුවා සතු නිර්මාණ ගුණය, විමංසනය ආදිය මුසු කරමින් සිදු කරනු ලබන මෙම ග්‍රන්ථය පරිසරය පිළිබඳව උනන්දු සහ විශේෂයෙන්ම පරිසර නියමු වැඩසටහන් සඳහා දායක වන දරුවන් සඳහා ද අනගි අත්වැලකි.
මනෝජ් අබයදීර
දිනමිණ ප්‍රධාන කර්තෘ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.