වවුල් බංගලාව
Details
ISBN
9789558580141
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
"නාරද" හා "කොලට්" ද්විත්වය දකින ශ්‍රී ලංකාව - වවුල් බංගලාව : නාරද කරුණාතිලක හා කොලට් සේනානායකළමා කතා ස්වරුපයෙන් ලියන මෙම කුඩා යොවුන් නවකතාව පිටු 79 කි. මෙහි මුල්‍යමය වටිනාකම රු. 150 කි.
කථාව විටෙක යථාර්ථයත්, විටෙක ළමා මනසේ මැවෙන මායාවක්ද යන්න සැක සහිත ය.
නිවාඩුවක් පිණිස ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට එන දැරියකට ඇගේ පරම්පරා නිවසේදී වවුලන් කිහිප දෙනෙකු ඇසුරු කරන්නට අවස්ථාව ලැබේ.
ගෙදර වහලේ සිටින වවුලනුත්, පබළු (කතාවේ ප්‍රධාන චරිතය) හා ඇයගේ නෑයන් වටා ගෙතී යන මෙම කතාව ශ්‍රී ලංකාවේ ගැමි චින්තනය හා ගැමි ජීවිතයට වවුලගේ කාර්යභාර්ය නිරූපිත ලේඛනයක් ලෙස හැඳින්විය හැක.
ජන කවි, ජන කථා හා ගෝලීය උදාහරණ සමග ලියා ඇති කෙටි නමුත් සුන්දර හා දැනුමෙන් පෝෂිත හරබර වියමනක් ලෙස මෙම කුඩා කෘතිය හැඳින්විය හැක.
පොත ඉතා විමසිල්ලෙන් රස වින්දනය කරන අතරතුර අන්තර්ජාලය හරහා ඔබ පර්යේෂණය කලේ නම් තවත් දැනුමෙන් පෝෂණය විය හැකි අතර 'වවුලා' ගේ ගෝලීය කාර්යභාරය පිළිබඳව සාක්ෂි සහිතව ඉගෙන ගැනීමට හැකියාවක් ඇත.
'නාරද' හා 'කොලට්', ශ්‍රී ලංකාවේ ගම හා සොබාදහම අතර පවත්නා සබැඳියාව හොඳින් පැහැදිලි කරයි.
Write a review
Write a review