වැව් පතුලේ කිඳුරිය
බබිතා ඇගේ යොවුන් වියේ දී ගමට පැමිණන ආගන්තුක තරුණයන් අතින් දුෂණය වෙයි. නඩු මඟට ගියහොත් ඇය මරා දමන බවට ඔවුන් තර්ජනය කරති. ඇගේ සොඳුරු පෙම්වතා ඇය අත හැර යයි. ඇගේ පියා පවසන්නේ අසාධාරණයට එරෙහිව නඩු කියන්නට ඇය නිර්භීත විය යුතු බවයි. ඇගේ මව සිය දියණිය වැව් පතුළට පැන දිවි නසා ගත් බව අඟවා ඇයව ගමෙන් පිට කරන්නේ පැහැදිලි හේතු ඇතිවය. එක දෙයක් මතක තියාගන්න මගෙ පුතේ.. මැරිච්ච සිංහයෙකුට වඩා ජීවත් වෙන බල්ලෙක් දහස් වාරයක් වටිනවා.
කොළඹ නගරයට පැමිණෙන ඇගේ කතාව උද්වේගකරය.සිය වේදනාබර අතීතයෙන් මිදී ආදරය හා මිත්‍රත්වය හරහා චමත්කාරජනක ගමනක් යන ඇය මිනිස් හදවතේ ගැඹුර අපට කියා දෙයි. සමාජයේ ගැහැනියක ලෙස ජීවත්වීමට ඇති අභියෝගයේ අපේක්ෂාභංගත්වය වෙත අපව කැඳවාගෙන යයි. ඇගේ ජීවිතය අඳුරු ආගාධයකට තල්ලු වී යන්නේ කෙසේ ද, අද දවසේ තාරුණ්‍යයේ ඉරණම කවරාකාර ද? යන්න අපට පසක් කරයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.