Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ව්‍යවසායකත්වයට නව ප්‍රවේශයක්

ව්‍යවසායකත්වයට නව ප්‍රවේශයක්

About this book

ආචාර්ය තෙසාරා ජයවර්ධන මොරටුව විශ්වවිද්‍යාලයේ කර්මාන්ත කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානි ලෙසටත් ව්‍යාපාර පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා ලෙසටත් කටයුතු කරන්නීය.

නවසීලන්තයේ වෛකාටෝ විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියත්, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීති (ගෞරව) උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබාගත් ඇය පිලිපීනයේ ඇල්ඩස්ගේට් විශ්වවිද්‍යාලයෙන් කාන්තා ව්‍යවසායකත්වය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය ලබාගෙන ඇත.

තෙසාරා එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ වරලත් අලෙවිකාරිනියක් සහ ගෞරව සාමාජිකාවක සහ එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනයේ වරලත් කළමනාකාරිනියක සහ ගෞරව සාමාජිකාවක වන අතර ඇය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ ද ගෞරව සාමාජිකාවකි. ඇය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ, ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිලයේ, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහ ඇමරිකානු අලෙවිකරණ සංගමයේ සාමාජිකාවකි.

තෙසාරා ජාත්‍යන්තර අධ්‍යයන සඟරාවල කාන්තා ව්‍යවසායකත්ව පිළිබඳ පර්යේෂණ ලිපි 20 කට ආසන්න ප්‍රමාණයක් පළකර ඇති අතර, ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලදී සම්මන්ත්‍රණ පත්‍රිකා 30 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත.

UNDA - OCIC සහ රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේදී හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලද තෙසාරා නිවේදිකාවක්ද වන අතර, දැනට ART TV හි 'සාරවත් හිමිදිරිය' නම් උදෑසන වැඩසටහන ඉදිරිපත් කරයි.

සඳ නොදුටු තාරකා, හිරු නොදුටු දේදුනු, කළු සමනල්ලු යන නවකතා ප්‍රකාශයට පත්කර ඇති ඇය, සුප්‍රසිද්ධ ඉංග්‍රීසි නවකතා වන හන්ගර් ගේම්ස්, කැචින් ෆයර්, මොකින් ජේ. යන ත්‍රිත්වය සහ 20th WIFE (මෙහෙරුනීසා) සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. මෑතකදී ආරක්ෂක අමාත්‍යාංශය මගින් එළිදැක්වුණු 'සඳහිරු සෑ වරුණ' කෘතියේ පරිවර්තිකාව ද ඇයයි.

ඇය ශ්‍රී ලාංකික ව්‍යවසායකයනට ආර්ථික, සමාජීය සහ බුද්ධිමය වශයෙන් සුරක්ෂිත අනාගතයක් කරා යාමට උපකාර කිරීමට පිහිටුවන ලද 'අරමුණ සංවිධානයේ' ආරම්භක විධායක සාමාජිකාවක් ද වේ.

තෙසාරා විසින් රචිත 'ව්‍යවසායකත්වයට නව ප්‍රවේශයක්' යන මෙම කෘතිය මගින් පුද්ගලයන්ට වාණිජ අවස්ථා හඳුනා ගැනීමේ හැකියාව, ආත්ම අභිමානය, දැනුම සහ ඒවා මත ක්‍රියා කිරීමට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීමට උපදෙස් දෙනු ඇත. එමෙන්ම ව්‍යවසායික ව්‍යාපෘතිවලට යෝග්‍ය සංකල්ප තෝරා ගැනීම, සංකල්පයක් වාණිජකරණය කිරීම, සම්පත් කළමනාකරණය කිරීම සහ ව්‍යවසායක ව්‍යාපාරයක් නීත්‍යානුකූලව ආරම්භ කිරීම පිළිබඳ වටිනා දැනුම මෙහි ඇතුළත් වී ඇත.

ISBN
978624204056
පිටු ගණන (Pages)
255
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ව්‍යවසායකත්වයට නව ප්‍රවේශයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.