Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / යා ‌දෙක ‌නොරත රත

යා ‌දෙක ‌නොරත රත

ප්‍රකාශක (Publisher): ගුරු ගෙදර - Guru Gedara
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

නූතන සිංහල කෙටි කතාව පෙර අපර දෙදිග කතා ආභාෂයෙන් බිහි වූවක් වන අතර එය ඇමරිකානු, ප්‍රංශ, රුසියානු හා ඉංග්‍රීසි සම්භාව්‍ය කෙටි කතා ඇසුරින් පෝෂණය විය. මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු සාහිත්‍යවේදීහු එය ජීවිතයේ එක්තරා පැතිකඩක්, චරිතාංගයක් හෝ පුද්ගල මනෝභාවයක් හෙළිකරන සාහිත්‍යාංගයක් සේ වැඩිදියුණු කළහ.

මෙරට කෙටිකතාකරණයට එළඹි රචකයින් අතර චන්ද්‍රිකා අමරසිංහ වත්මන් කෙටිකතාවේ පදරුත් මනාකොට ගත් ප්‍රතිභාපූර්ණ ලේඛිකාවක වන බව මෙතෙක් ලියා පලකළ කෙටිකතා වලින් හා ‛යා දෙක නොරත රත' යන ඇයගේ මෙම කෙටිකතා සංග්‍රහයෙන් ප්‍රත්‍යක්‍ෂවේ. ඇය සරල හා සුගම බස් වහරක් තුළින් සහෘද හදවත් ඇද බැඳ තබාගන්නා අතර සංවේදනාදී දුක් සහිත සසරෙහි සැරිසරන ගැහැනුන් හා පිරිමින්ගේ චරිත විනිවිද දැක්මෙහි ලා ප්‍රකට කල කෞශල්‍යය ප්‍රශස්තය.

විද්‍යුත් මාධ්‍යයෙහි අපයෝජනයෙන් වල්මත් වන දරුවන්ගේ ගුණ නුවණ නංවනු වස් අරුත් බර ළමා පොත් ලිවීමෙන් ද සාහිත්‍ය කලා ක්‍ෂේත්‍රයේ ප්‍රගමනයට කැපවී සිටින ඇයගේ ධී ශක්තිය මෙන්ම නිර්මාණශීලීත්වය දහස් ගුණයෙන් වැඩේවායි! මම ප්‍රාර්ථනය කරමි.

ආචාර්ය

නිමල් සමරසුන්දර

Details
ISBN
9786245148073
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: යා ‌දෙක ‌නොරත රත

Reviews are published once a member of our team has read them.