යටිමහල
'යටි මහල,' මෙම කතුවරයා විසින් රචිත 'සත් මහල' නවකතාවේ ම දිගුවකි. හැටේ දශකයේ උඩරට පළාතේ ජීවත් වූ වැඩවසම් චින්තනය හා ගතානුගතික ආකල්ප කරපින්නා ගත් ලොකු නිලමේ ප්‍රමුඛ වංශක්කාර පවුලක චරිත, 'සත් මහල' නවකතාවට පාදක විය. හැත්තෑව දශකය, මේ රට සමාජ - ආර්ථික හා සංස්කෘතික ජීවිත කෙරෙහි පෙරළිකාර බලපෑමක් ඇති කළ යුගයකි. එම කාලයේ දී බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුව හා 1971 දී ඇති වූ තරුණ කැරැල්ල, 'යටි මහල' නවකතාවට පසුබිම් වෙයි. එම වකවානුව තුළ, දේශපාලන සුළි සුළඟට හසු වුණු අමුණුගොඩ පවුලේ චරිතද ද එම සුළඟින් තාරකී ඇඹරී යති. ඊට පසු වූ අමුණුගොඩ වලව්වේ චරිතවල මානව චර්යාවන් හා ඔවුන්ගේ සිතුම් පැතුම් විවරණය කරන කතුවරයා, කාලීන සමාජ දේශපාලන යථාර්ථය කෙරෙහි ද මෙම නවකතාවෙන් එබී බලයි. තුන් ඈඳුතු නවකතාවක් වන මෙහි අවසාන භාගය යටිමහල යි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.