යුවතියකගේ ප්‍රේමය
ඒ. ජේ. ඒ. අබේනායක විවිධ ඉසව් ඔස්සේ සිය ප්‍රතිභාව ඉස්මතු කරන්නට වෙර දරන කුසලතා පූර්ණ මාධ්‍යවේදියෙක්.
'යුවතියකගේ ප්‍රේමය' නම් වූ මෙම කෙටිකතා සංග්‍රහය සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ ඔහුගේ දෙවන ප්‍රයත්නයයි.
කුඩා කල පටන් ලේඛණ කලාව කෙරෙහි පැවති නොතිත් ආසාව හා කුතුහලය පසු කලෙක මාධ්‍ය ක්‍ෂේත්‍රය කෙරෙහි ඔහුගේ නෙත් සිත් ඇඳ බැඳ තබන්නට වුණා. ඈත එපිට හද්දා පිටිසර වන්නියෙන් හඹා ආ අව්‍යාජ ගැමි සුවඳ අබේනායකගේ ජීවිතය මොනවට ස්පර්ශ කළේ, ඔහුගේ මාධ්‍ය මෙහෙවරට පවන් සලමින්. ගැමි පරිසරයෙන් ලද අනේක විධ අත්දැකීම් ඔස්සේ තම ජීවිතයේ නිම් වළලු පුළුල් කරන්නට වෙර දරන ඔහුගේ මෙම ප්‍රයත්නය මා අගය කරන්නේ, එමගින් යොවුන් සාහිත්‍ය ප්‍රබෝධයට යම් රුකුලක් ලැබෙන නිසයි.
මෙම කෙටිකතා සංග්‍රහයේ එන ඇතැම් කතා සහ චරිත වත්මන් සමාජයේ අපූරු පැතිකඩක් නිරූපණය කරයි. ඒවා අපේ ජීවිතවලට ද ඒ තරමටම සමීපයි. ඇතැම් කතා ඉදිරිපත් කිරීමේදී සමාජය හා ජීවිතය විනිවිද දකින්නට කතුවරයා ගත් උත්සාහය සාර්ථක වී තිබෙනවා. එහෙත්, ඇතැම් අවස්ථාවල දී අත්දැකීම් මද බව නිසාම කතා විකාශයේ යම් දුර්වල තැන්ද දැකිය හැකියි. මෙහිදී භාෂා ‘රිද්මය' කෙරෙහි මෙයට වඩා අවධානය යොමු කළා නම් මැනවයි සිතේ.
යුවතියකගේ ප්‍රේමය..... නම් වූ සිය කුළුඳුල් ප්‍රයත්නයෙන් සාහිත්‍ය ක්ෂේත්‍රථා පිවිසෙන ඒ. ජේ. ඒ. අබේනායකගේ පන්හිඳින් තවදුරටත් උසස් නිර්මාණ බිහිවේවායි පතමි.
සරත් ජයසිංහ මාධ්‍යවේදී
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.