Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / මියගිය හෘද සාක්ෂිය

මියගිය හෘද සාක්ෂිය

About this book

හලා/ගල්කුලිය ලිහිණිගිරි විද්‍යාලයෙන් හා ආණමඩුව මධ්‍ය මහ විද්‍යාලයෙන් මූලික හා ද්විතීය අධ්‍යාපනය ලබා කොළඹ හුණුපිටිය ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයට ඇතුළත් ව ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාවත් කොළඹ ජේ.එම්.සී. ආයතනයෙන් ගණකාධිකරණය පිළිබඳ පළමු අදියර පාඨමාලාවත් හදාරා ස්වෙච්ඡා ගුරුවරයකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති ඒ. ජේ. ඒ. අබේනායක ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරියෙකි.

"මියගිය හෘද සාක්ෂිය” ග්‍රන්ථ කතුවරයකු ලෙස ද නමක් දිනාගත් ඔහුගේ තෙවන ප්‍රයත්නයයි. හෙතෙම 'වයඹ’ විත්ති ප්‍රාදේශීය පුවත්පතින් මාධ්‍ය ක්‍ෂේත්‍රයට පිවිස පසුකාලීනව ප්‍රාදේශීය මාධ්‍යවේදියකු හා නිදහස් මාධ්‍යවේදියකු ලෙසත් කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙසත් රාවය, යුක්තිය, නිදහස, කෙළිබිම, යෙහෙළිය සහ රිවිර යනාදි පුවත්පත්වල කටයුතු කර සිය කුසලතා විදහා දක්වා තිබිණි.

1997 වසරේදී ආණමඩුව ප්‍රාදේශීය අතිරේක වාර්තාකරු ලෙස දිවයින ජාතික පුවත්පතට සම්බන්ධ වී මේ වන විට එම පුවත්පතේ කොළඹ අධිකරණ මාධ්‍යවේදියා ලෙස පුවත්පත හා පාඨක ජනතාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටුකරන ඔහුගේ පන්හිඳෙන් තව තවත් උසස් නිර්මාණ බිහිවේවායි පතමි.

 

ඩබ්ලිව්. ලාල් කුමාර

කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලේ හිටපු විදුහල්පති,

විශ්‍රාමික, මීගමුව නියෝජ්‍ය කලාප අද්‍යාපන අධ්‍යක්‍ෂ

Details
ISBN
9786246138042
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මියගිය හෘද සාක්ෂිය

Reviews are published once a member of our team has read them.