රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ. ජේ. ඒ. අබේනායක මහතාගේ රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු නමැති ග්‍රන්ථය අභියෝගාත්මක කෘතියකි. අධිකරණ වාර්තාකරණයෙහි ප්‍රවීණයකු වන අබේනායක මහතා අධිකරණය විසින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී දේශයට මාධ්‍යකරණයෙහිලා මහත් දායකත්වයක් දරනු ලබයි. අධිකරණ නඩු කෘත්‍යයක් වාර්තා කිරීමේදී පැමිණිලි පාර්ශ්වයට අගතියක් (PREJUDICE) චූදිත පාර්ශ්වයට නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනයට සහ සාධාරණ නඩු විභාගයකට (PRESUMPTION OF INNECENCE (FAIR TRAIL) බලපෑමක් සහ අධිකරණය පාර්ශ්වයෙන් අපහාසයක් (CONTEMPT) විය යැයි ප්‍රකාශ කරලිය හැක. එවන් පසුබිමක අධිකරණමය නඩු කෘත්‍යයක පසුබිම, සාක්ෂි සහ තීන්දුව නිවැරදිව සහ සත්‍ය ලෙස සමාජගත කිරීම සුවිශේෂ මාධ්‍යකරණයකි.
රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු' කෘතියේ දිග හැරෙන සියලු සිද්ධීන් නීතියේ ප්‍රගමනයට මෙන්ම රටේ දිශානතියද වෙනස් කළ ඒවා වේ. එකී සමහරක් නඩු කෘත්‍යයන්හි මාගේ පියසටහන්ද තිබීම නිහතමානි අභිමානයකි.
අබේනායකයන්ගේ ග්‍රන්ථයේ සඳහන් වන සමහර නඩු කෘත්‍යයන් ශ්‍රී ලාංකීය නීති ක්‍ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් විය. මෙකී කෘතිය නීති ක්‍ෂේත්‍රයේ සහෘදයන්ට පමණක් නොව සමස්ත ජනතාවටම අතීතාවර්ජනයකට කැඳවාගෙන යන්නකි.
අබේනායකයන් සිය කෘතිය මගින් අධිකරණමය ක්‍රියාදාමය පමණක් නොව සියුම්ව ඒ තුළින් මතුව තිබෙන සමාජීය, දේශපාලනික සහ සංස්කෘතික පැතිකඩයන් ඉස්මතු කර සමාජ කතිකාවක් ජනගත කර තිබෙන බැව් පැහැදිලිය.
ඒ. ජේ. ඒ. අබේනායකයන් ළමා කතාවක්, කාව්‍ය ග්‍රන්ථයක්, කෙටි කතා එකතුවක් සහ නවකතාවක් පන්හිඳ කර දේශයට පුදා ඇති ලේඛකයෙකි. ඔහුගේ මෙම කෘතිය යුග කීපයක අධිකරණ ක්‍ෂේත්‍රයේ සෘද්ධිස්ථානිය වූ නඩු කටයුතු සම්බන්ධව ප්‍රබල සමාජ අවධානයක් දිනාගනු ඇති බවට නොඅනුමානය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.