Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / අභීත රාවණ

අභීත රාවණ

About this book

පුරා විද්‍යාඥයකු, ඉතිහාසඥයකු, සංගීතවේදියෙකු, දාර්ශනිකයෙකු මෙන් ම නිදහස් චින්තනයකින් හෙබි මහා පණ්ඩිතවරයකු වන මහාචාර්ය රෝහණ පී. ප්‍රනාන්දු මා දකින්නේ නූතන පරම්පරාවේ මහා ප්‍රාඥයකු ලෙසිනි. ඉතා සරල ජීවන රටාවකට ලැදි මේ විද්වතානන්ගේ මහඟි කෘති මෙන්ම ඔහුගේ ජීවිතය පරිශීලනය කිරීමෙන් බොහෝ දේ උගත හැකි බව නම් නොරහසකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දැනුම් ගබඩාවක් වන හෙතෙම විවිධ විෂය පථයන් පරිශීලනය මෙන්ම ගවේෂණය කරමින් නූතන පරම්පරාවට දැනුම ගලනය කරන්නට මාහැඟි වෙහෙසක් දරන පණ්ඩිතරත්නයක් ලෙස ද මම දකිමි.

මහාචාර්ය රෝහණ පී ප්‍රනාන්දු සිය ගවේෂණාත්මක ගමන් මගේ නවතම සොයා යාම සනිටුහන් කරමින් හෙළ යක්ඛ පරපුරේ රාවණා මහා රජු පිළිබඳ පුරාවෘත්තය මා දකින්නේ අභිමානනීය ඉතිහාසයකට උරුමකම් කියන රටක ඉතිහාසයට සිදු කරන ලද පුනරුදයක් ලෙසිනි. එමෙන් ම "අභීත රාවණ" නමින් යුතු මෙම ග්‍රන්ථය පුරාම දිව යන්නේ ශ්‍රේෂ්ඨ රාවණ චරිතය අභියෝග ජය ගැනීමට ගත් උත්කෘෂ්ට ක්‍රියාදාමය හා සිවු හෙළයේ අභිමානවත් වංශ කතාවයි.

ඔහුගේ සාහිත්‍ය කලා භාවිතයන් ඇසුරු කිරීම වගේම පරිශීලනය කිරීම අනුව බලන විට මේ මහා විද්වතානන් විසින් නිර්මිත මෙම කෘතිය පිළිබඳව මා තුළ ඇත්තේ ජාතික වශයෙන් ප්‍රශංසාත්මක හැඟීමකි. අලුත් මානයකින් මෙම අභිමානනීය රට දෙස බලන්නට මෙම කෘතිය කියවන ඔබට නිසැකවම හැඟීමක් ඇති වනු ඇතැයි මම විශ්වාස කරමි.

සිවු හෙළයේ වංශ කතාව රැගත් මෙම කෘතිය අනාගත පරපුරට දායාද කෙරෙන මහඟු සම්පතක් බවද වගකීමෙන් යුතුව සඳහන් කරමි. මෙවන් දුර්ලභ සොයා යාම් හරහා රටට යහපතක් කරන්නට එතුමාට තවදුරටත් ධෛර්ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

ශ්‍රීමත් මහාචාර්ය සාගර කරුණාතිලක
ස්වභාවික වෛද්‍ය විද්‍යාව හා අධ්‍යාත්මික වෛද්‍ය විද්‍යාඥ
පොදු රාජ්‍ය මණ්ඩලීය නයිට් පදවිලභී
දේශමාන්‍ය, දේශමාමක ස්වර්ණ ජ්‍යෝති ගෞරව සම්මානලාභී

ISBN
9789557090054
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අභීත රාවණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.