Back to Top
ආකාස මෝස්තර
Special Price
රු. 1,260.00
Regular Price
රු. 1,400.00
In stock
SKU
akasa-mosthara-ganga-shinie-gamage-moonlight-publications
රිදී ඉරක් අහසේ දිළෙමින් තිබේ. තවමත් සූර්ය තාපය දැඩි නොවුණෙන්, රෙදි කාමර ඉදිරියෙන් ඔවුන් ඇවිද ගියේ මන්දගාමීව ය. අහස් නිල් පසුබිමෙහි සුදු පුළුන් වළා කැටි රොක් වී චමත්කාර ආකාස මෝස්තරයක් මවා ඇත. ඔය ආකාස මෝස්තර හා පාරුල් අතර වන සම්බන්ධයට අතීතයක් තිබේ. නිල් අහස පසුබිම් කොටගෙන සුළගේ ලෙලදෙන රෙදි වැල් ද අහසේ තැන් තැන් වල විවිධ යාමයන් හි හා විවිධ කාලයන් හි විවිධ වර්ණ වලින් මෝස්තර මවන වලාකුළු ද පාරුල් ව චමත්කාරයට පත් කරනුයේ ඇගේ ළමා වියෙහි පටන් ය. එක අහසක් ඇය කිසි දා දෙවතාවක් දැක නැත. ආකාශයට ඒ තරම් මෝස්තර රටා තිබේ. ඒවා මිනිස් සන්තානයකට කවර බලපෑමක් කළ හැකි ද කියා දන්නේ අහසත් එක්ක ගනුදෙනු කළ මිනිසුන් පමණකි. රෙදි සෝදන මිනිසුන්ට අහසත් එක්ක විශේෂ බැඳීමක් වන්නේ ය. නමුත් අව්වට වැස්සට වඩා ආකාස මෝස්තර වලට පාරුල් පෙම්බඳින්නී ය.
| Author | ගංගා ෂයිනි ගමගේ - Ganga Shayini Gamage (46) |
|---|---|
| Publisher | Moonlight Publications (6) |
| ISBN | 9789559776062 |
|---|---|
| පිටු ගණන | 344 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




