අලිපෑලැස්ස
"අපි ඉස්සර බැද්දෙ ජීවත් වුණේ දෙවිවරු වගයෙි. මට මතකයි මත්තලී අලි රැහේ ඇත්තො රංචු ගැහිලා පෙරහැරේ යන කොට තියෙන තේජස! අම්මා ඉස්සරහින් යනවා. ඊළඟට සෙල්ලිපුංචි. ඊට පස්සේ පුංචි එවුන් ළං කර ගෙන මහ එවුන් යන අපූරුව! වැස්ස වැටුණහම බැද්දෙ වැව්, පොකුණු, දිය කඩිති පිරිලා. නිලට බැබළෙන ගහ කොළ....ග්ර්...ර්....ර්
ඒවායේ රස බල බලා, දිය කඩිතිවලින් වතුර බීලා, වැව්වලින් නාලා එහෙම කාරිව, නෑදෑයෝ සේරම එකට යන කොට මොන තරම් සතුටක්ද නංගියේ? ආයිත් එහෙම යුගයක් ගැන අපට හිතන්න වත් බැරි වෙයි. එදි අපි හක්කොලං කරපු බැද්ද සේරම දැන් මිනිස්සු අල්ලං කොටු කරගෙන. කැලේ කපලා, වැටවල් ගහලා, උන් තනියම බිම අල්ල ගත්තහම අනික් සත්තු යන්නෙ කොහෙ ද? ජීවත් වෙන්නෙ කොහොම ද? කන්නෙ මොනව ද? උන් හිතන්නෙ නැහැ මේ මහ පොළොවේ අපි කවුරුත් ජීවත් වෙන්න ඕනෑ කියලා."
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.