බැද්දේ පිපුණු මල්
පෙරදිග ධාන්‍යාගාරය යැයි පසිඳු ඌව-වෙල්ලස්ස, 1818 කැරැල්ලෙන් පසු දිස් වන්නේ හාත්පසින් වෙනස් ආකාරයකිනි. මහා ජන සංහාරයකට පසු පළාතේ තිබුණු පැරණි සරුසාර ගම්බිම් ජන ශුන්‍යව වල්වැදී ගියේ ය. ඒ අතර තැනින් තැන හුදකලා වූ පුංචි ගම්මාන වනාන්තර මැද අලුතින් බිහි වී ය. වැව්, ඇළ වේලි කඩා දමන ලදින් ප්‍රදේශයේ ගොවිතැන් නිසරු වී ගියේ ගව මහිෂාදීන් මරා දමන ලදින් පස් ගෝ රස හිඟ වී ය. කුරහන්, බත්, කිරි, ගිතෙල් කා නිරෝගිමත් ව වැඩුණු මිනිස්සු හාමත නිසා පීඩා වින්දෝ ය. මන්ද පෝෂණය නිසා ඔවුහු විවිධ වසංගත, ලෙඩ රෝගවලට ගොදුරු වූහ. අගහිග කමින් ද, ණය බරින් ද, බඩගින්නෙන් ද, ලෙඩ රෝගවලින් ද, පීඩිත වූ මිනිස්සු අධ්‍යාත්මයෙන් ද පිරිහී ගියෙන් අධර්මිෂ්ඨ වූහ. උසස් කුලවල මිනිසුන් තුවක්කුවට කඩුවට උර දී මිය ගිය බැවින්, ඉංග්‍රීසීන්ට කත් ඇදි නිවට කුල හීනයෝ ප්‍රදේශයේ පාලකයෝ වූහ. මෙවන් යුගයක ඌව-වෙල්ලස්සේ ඒ නැති වී ගිය ශ්‍රී විභූතිය යළි උදා කරලීම සදහා පිරිසක් දරන එක් අංශු මාත්‍ර උත්සාහයකි මේ!
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
★★★★★ .Harima lassana kathaawak