Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මන්දානිල

මන්දානිල

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ලෝකයට මානවදයාව දායාද කරන්නී ගැහැනියයි. ඉන් ඈ පුරුෂාධිපත්‍යය පයෙහි දූවිල්ලක් බවට පත් කරයි. මෙය හඳුනා නොගත් නූතන 'උගත් ගැහැනිය' කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් තම කායික මානසික ශක්තිය අපතේ යවයි. එය හඳුනා ගත් සාම්ප්‍රදායික බුද්ධිමත් ගැමි ගැහැනිය එම ශක්තිය, දහවලට දාහයෙන් වෙළුණු කඨෝර පොළොවට වැහි බිඳක් ඇද එන සිහිල් 'මන්දානිලක්' බවට පත් කරයි. රාත්‍රියට සූර්යයා වන් තම ස්වාමියාගේ පාදපරිචාරිකාව වෙමින්, පවුල නමැති ලෝකය එකලු කර සනසන සොමි සඳ රැසක් බවට පත් කරයි. ඒ රැස, ඉමක් කොනක් නැති ක්ෂිරපථය හා තෙරක් නැති මහ සයුර විනිවිද යන්නේ යම් සේ ද, ඈ ප්‍රඥාවෙන් අනූන වන්නී ය.

ඉවසිලිවන්ත වූ හීන් මැණිකා වැන්නියන්ගේ මෛත්‍රී ප්‍රේමය ලොව දිග්විජය කරන්නේ, 

ලෙයින් කඳුලෙන් නොව උණුසුම් කිරෙනි.

ආවේගයෙන් ජය ඝෝෂාවන් නොව උපේක්ෂා සහගත නිහඬතාවයෙනි.

රූපයෙන් කාමාශාවෙන් නොව සිය දරු පවුල තුළ වූ හදවත්හි බැඳීම් තුළිණි.

'මන්දානිල' අපේ සංස්කෘතියේ මුදුන් මුල සොයා යන ගමනේ අංකුරයක් වනු දැකීම මගේ පැතුමයි. 

වෛද්‍ය අසංකා ප්‍රියංගි ලියනපතිරණ

ISBN
9789555518017
පිටු ගණන (Pages)
286
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මන්දානිල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.