රන් කෙන්දෙන් බැඳ

Special Price රු. 252.00 Regular Price රු. 280.00
In stock
SKU
ran-kenden-banda-newton-gunasekara-dayawansha

නිව්ටන් ගුණසේකර

රන් කෙන්දෙන් බැඳ

තරුණ ලේඛකයකු වශයෙන් හැත්තෑව දශකයේ නවකතාකරණයට පිවිසි නිව්ටන් ගුණසේකර මේ වන විට පාඨක ප්‍රසාදය දිනාගත් නවකතා විසිහයක් රචනා කොට ඇති අතර ඔහු ලියු මුල්ම යොවුන් නවකතාව වන “අපේ කාලයේ වීරයෝ" 2003 වසරේදී හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

එසේම ඔහු අතින් සිංහලයට පරිවර්තනය වූ දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේ "සුදු වැද්දා” සහ "සුදු ගෝනා" කෘති දෙකද බෙහෙවින් ජනාදරයට ලක්විය. ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍ය වේදියකු වශයෙන් නමක් දිනා සිටින කතුවරයා මෑතක දී රචනා කළ "දඩ කෙළිය" නවකතාව මේ වන විටත් අධිකරණයේ විමසුමට ලක් වී ඇත.

"රන් කෙන්දෙන් බැඳ" නවකතාව තුළින් කතුවරයා මංගල පෝරුව මත නැඟ අත පැන් වත්කොට විවාහ දිවියට පිවිසෙන තරුණ සහෝදරියන් දෙදෙනකුගේ හා ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ ජිවිතවල ඇතුළාන්තයට එබී බලා ඔවුන් සිව්දෙනා මුහුණ දෙන පුද්ගල ඛේදවාචකය තුළින් වත්මන් සමාජ හා ආර්ථික සෝදා පාළුවද සිවුම් ලෙස විචිත්‍රණය කරයි. "රන් කෙන්දෙන් බැඳ" නවකතාව මනුෂ්‍යත්වය දෙස හෙලන මානව දයාවේ බැල්ම ද පාඨක සිත් විකසිත කරවයි.

Author නිව්ටන් ගුණසේකර - Newton Gunasekara (19)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789555515917
පිටු ගණන 223
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රන් කෙන්දෙන් බැඳ
Back to Top