රන් කෙන්දෙන් බැඳ
නිව්ටන් ගුණසේකර
රන් කෙන්දෙන් බැඳ
තරුණ ලේඛකයකු වශයෙන් හැත්තෑව දශකයේ නවකතාකරණයට පිවිසි නිව්ටන් ගුණසේකර මේ වන විට පාඨක ප්‍රසාදය දිනාගත් නවකතා විසිහයක් රචනා කොට ඇති අතර ඔහු ලියු මුල්ම යොවුන් නවකතාව වන “අපේ කාලයේ වීරයෝ" 2003 වසරේදී හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
එසේම ඔහු අතින් සිංහලයට පරිවර්තනය වූ දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේ "සුදු වැද්දා” සහ "සුදු ගෝනා" කෘති දෙකද බෙහෙවින් ජනාදරයට ලක්විය. ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍ය වේදියකු වශයෙන් නමක් දිනා සිටින කතුවරයා මෑතක දී රචනා කළ "දඩ කෙළිය" නවකතාව මේ වන විටත් අධිකරණයේ විමසුමට ලක් වී ඇත.
"රන් කෙන්දෙන් බැඳ" නවකතාව තුළින් කතුවරයා මංගල පෝරුව මත නැඟ අත පැන් වත්කොට විවාහ දිවියට පිවිසෙන තරුණ සහෝදරියන් දෙදෙනකුගේ හා ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ ජිවිතවල ඇතුළාන්තයට එබී බලා ඔවුන් සිව්දෙනා මුහුණ දෙන පුද්ගල ඛේදවාචකය තුළින් වත්මන් සමාජ හා ආර්ථික සෝදා පාළුවද සිවුම් ලෙස විචිත්‍රණය කරයි. "රන් කෙන්දෙන් බැඳ" නවකතාව මනුෂ්‍යත්වය දෙස හෙලන මානව දයාවේ බැල්ම ද පාඨක සිත් විකසිත කරවයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.