අලුත් වැස්සක්
පාසල් අධ්‍යාපනයේ දී විද්‍යා විෂයයන් හදාරා ගණිතය උපදේශනයෙහි මෙන්ම ගණකාධිකරණ වෘත්තියෙහි ද නියැලි සුනිල් ආර්. ගමගේ හෙළ ගී මග විචිත්‍රවත් කළ ගේය පද රචකයෙකු වීම අසිරිමත් සිදුවීමකි. කාව්‍යමය භාෂා අලංකරණයෙන් ද, නැවුම් ආකෘතික හැඩරුවින් ද රමණීය වූ පෙළක් ඔහුගේ ප්‍රශස්ත දායකත්වය තුළින් ගීත ක්‍ෂේත්‍රයට හිමි වී ඇත.
සිය නිර්මාණ මෙහෙවරට අමතරව අංකුර නිර්මාණකරුවන් රැසකට පෙරමග හෙළි පෙහෙළි කරදීම උදෙසා වූ සුනිලුන්ගේ පුරෝගාමීත්වය හා කැපවීම පැසසුම් කටයුතු ය. තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාව තුළින් ගීත රචනය, තනු නිර්මාණය, ගායනය හා සන්නිවේදනය යන විවිධ මංපෙත්හි දොරටු නව පරපුරකට විවර කරදීම ඔහුගේ මෙහෙයවීමෙන් සිදුවූ මාහැඟි ක්‍රියාදාමයකි.
සිංහල ගීතය විදේශීය රසික අවධානයට යොමු කිරීමේ ප්‍රථම ප්‍රයත්නය ලෙස සිය ගීත රචනා සමුච්චයක් ඉංග්‍රීසි පරිවර්තන සහ පෙර අපර දෙදිග ස්වර ලිපි සහිත සංයුක්ත තැටි පුස්තකයක් ලෙස 'කවිය ඔබ' The Poem Thou නමින් ඔහු විසින් එළිදක්වා ඇත.
ගීතය හා සබැඳි පර්යේෂණයන්හි නිබඳ යෙදෙමින් ශාස්ත්‍රීය ලේඛන සංග්‍රහයෙහිලා වඩා ඇල්මක් පළ කරන සුනිල්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදන පාඨමාලාවේ සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ගීත විධි පිළිබඳව බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස වඩාත් පෘථුල ශාස්ත්‍රීය මෙහෙවරක නිහඬවම නිරතවෙයි.
කුලරත්න ආරියවංශ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.