අඹ ගස් වීදිය
"මම උඹව කවදාවත් බලෙන් අරන් යන්නේ නැහැ. උඹ කැමති නම් විතරක් වරෙන්. අකමැත්තෙන් මෙලෝ දෙයක් කරන්න බැහැ බං. උඹ තව ටිකක් හිතපන්. මම ආයේ හෙට එන්නම්. ඒ අන්තිම සැරේට. එතකම් පරිස්සෙමින් හිටපන්.” - දිලිප්
''උන් බීඩි සුරුට්ටු බොනවා, අරක්කු බොනවා, යන යන තැන ගෑනු. උන් වගේ කුපාඩි එවුන් ඇරෙන්න වෙන එකෙක් කරත්තෙට නග්ග ගන්නේ වත් නැහැ. උඹ එහෙම ඕවා කරන්නේ නැහැ.” - රෝජා -
"අරක්කු බීවට අරක්කු වික්කට දෙයියෝ කෝප වෙන්නේ නැහැ අයිසේ. එහෙනම් අඹ ගස් වීදියේ වෙන දේවල් වල හැටියට දෙයියන්ට නහුතෙට නගින්න ඕනේ." ~ බණ්ඩාර
"මම පුජාව කළේ දෙවියන්ගේ දිහා හැරිලා ලොකු සාදු. ඒ නිසා මම දැක්කේ නැහැ. ඒත් මට හොඳටම විශ්වාසයි දෙවියෝ නම් දකින්න ඇති.” -පූසාරි
"මීනා උඹේ හැඩරුව උඹේ දැනුම දැක්කම උඹ අයිති අඹ ගස් වීදිය වගේ තැනකට නෙවෙයි. උඹ ගැලපෙන්නේ කොළඹ හතටයි. මේ වීදියෙන් එහා ලස්සන ලෝකයක් තියෙනවා මීනා. මිල මුදල් බලය පිළිගැනීම හැමදෙයක්ම එහේ තියෙනවා. මෙහේ එවුන්ගේ හැටි බලපන් මිල මුදල් තිව්වොත් පිලිගැනීම නැහැ. පිළිගැනීම තිබ්බොත් මිල මුදල් නැහැ. ඒ දෙකම තිබ්බොත් බලයක් නැහැ.” - මුදියන්සේ
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.