Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය

අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය

About this book

1892ඔක්තොම්බර් පස්වන දා උපන් ආර්. එල්. බ්‍රෝහියර් දහ අට හැවිරිදි වියේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳුනේ ය. ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත්ව යාම සඳහා 1949 දී එතුමා සේවයෙන් විශ්‍රාම ගත්තේ උප මිනින්දෝරුජනරාල් ධූරය හොබවමින් සිටිය දී ය.

කෘතහස්ත ලේඛකයකු ද වූ එතුමා මුද්‍රණ ද්වාරයෙන් පළ වූ පොත් දහසයක ද තවත් ලිපි ගණනාවක ද කතුවරයා විය. එතුමාඅතින් ලියැවුණු කෘතීන් අතර SEEING CEYLON, DISCOVERING CEYLON, ANCIENT IRRIGATION WORKS IN CEYLON ග්‍රන්ථ සුවිශේෂ වෙයි.

අනාදිමත්යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය නම් වූ මේ කෘතිය ආර්, එල්ලා බ්‍රෝහියර් මහතා විසින් 1975 දී මුල්වරට FOOD AND PEOPLE නමින් පළකරන ලද, (ඉක්බිති 2007 දී THE STORY OF WATER MANAGEMENT IN SRI LANKA DOWN THE AGES නමින් ද පළවුණු) මාහැඟි කෘතියේ සිංහල අනුවාදය සි. මේ කෘතියෙන් එතුමා සියවස් විසිපහක් තිස්සේ ලංකාව අභිමානවත් ශිෂ්ටාචාරයකට හිමිකම් කීමට හේතු පාදක වූ ඉඩම් ප්‍රයෝජනයට ගැනීම සහ මහා ජලාශ සාදා ජලය රැස් කොට කෘෂි ආර්ථිකයක් තුළින් රට සමෘද්ධිය කරා ගෙන යාමේ කතාන්දරය හෙළි කරයි.

Details
ISBN
9789556560510
පිටු ගණන (Pages)
212
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය

Reviews are published once a member of our team has read them.