අනන්තරා
හෝරාව මැදියම් රාත්‍රී දොළහටද
ආසන්නව තිබේ. මම සීයප්පච්චි
විසින් මට ලබා දුන් බොහෝ පැරණි
පුස්තකයද අතින් ගෙන මේසයට විමි.
මේස ලාම්පුවේ මළානික
ආලෝකය යටින් එය දිගහැර
කියවන්නට පටන් ගතිමි.
බෙහෙවින්ම දිරා කහ දුඹුරු පැහැයට
ළංව ඉරී ගැලවි යන තරමටම
අබලන් වූ එහි පිටු පෙරළීම වුව
බොහෝ අර පරෙස්සමට ආයාස දරා
කළ යුත්තක් විය. ඉතින් මම
කියවන්නට පටන් ගතිමි.
එය යටත් විජිත කාලය තුළ අප
රටෙහි ජීවත් වූ හෙන්රි රිචඩ්සන්
නම් වූ සුදු ජාතික මහතෙකු විසින්
දීර්ඝව තැබූ සටහන් රාශියක් විය.
එතෙකින් මා ඉදිරියේ
සෙමෙන් සෙමෙන් දිග හැරී ගියේ මා ද මගේ
නෑ සොයුරු හිරාන්ද මගේ පෙම්වතා
වන ඇඩම් ද සම්බන්ධ අතිශයින්
විශ්මයාවභ කථා පුවතක්ය. මෙය අපගේ පෙර ආත්මය
පිළිබඳ කථා පුවතයි. එහි එකදු වදනක් හෝ
වෙනස් නොකරමින් මම දැන් ඔබ
ඉදිරියේ තබමි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.