Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අනන්තරා

අනන්තරා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

හෝරාව මැදියම් රාත්‍රී දොළහටද
ආසන්නව තිබේ. මම සීයප්පච්චි
විසින් මට ලබා දුන් බොහෝ පැරණි
පුස්තකයද අතින් ගෙන මේසයට විමි.
මේස ලාම්පුවේ මළානික
ආලෝකය යටින් එය දිගහැර
කියවන්නට පටන් ගතිමි.

බෙහෙවින්ම දිරා කහ දුඹුරු පැහැයට
ළංව ඉරී ගැලවි යන තරමටම
අබලන් වූ එහි පිටු පෙරළීම වුව
බොහෝ අර පරෙස්සමට ආයාස දරා
කළ යුත්තක් විය. ඉතින් මම
කියවන්නට පටන් ගතිමි.

එය යටත් විජිත කාලය තුළ අප
රටෙහි ජීවත් වූ හෙන්රි රිචඩ්සන්
නම් වූ සුදු ජාතික මහතෙකු විසින්
දීර්ඝව තැබූ සටහන් රාශියක් විය.

එතෙකින් මා ඉදිරියේ
සෙමෙන් සෙමෙන් දිග හැරී ගියේ මා ද මගේ
නෑ සොයුරු හිරාන්ද මගේ පෙම්වතා
වන ඇඩම් ද සම්බන්ධ අතිශයින්
විශ්මයාවභ කථා පුවතක්ය. මෙය අපගේ පෙර ආත්මය
පිළිබඳ කථා පුවතයි. එහි එකදු වදනක් හෝ
වෙනස් නොකරමින් මම දැන් ඔබ
ඉදිරියේ තබමි.

ISBN
9786245677085
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අනන්තරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.