Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / අර්බුදයක් වීමසීම

අර්බුදයක් වීමසීම

About this book
සමකාලීන ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාව අර්බුදයක් විමසීම අතීතය පිළිබඳ පුරාවිද්‍යාත්මක හෝ ඉතිහාසමය හෝ මානවවිද්‍යාත්මක ස්ථාවර සත්‍යයන් සොයනවා යැයි සිතීම හෝ එවැනි සිතීමක් සෘජුව හෝ වක්‍රව ප්‍රසංගනය කිරීමෙන් හෝ මෙම විනයන් තුනට විද්‍යාත්මක හා විචාරාත්මක භාවිතයන්වීඹට නොහැකිය. එවැනි සිතීම්වලින් නොගැලවී අද දවසේ ශ්‍රී ලංකාව වැනි පශ්චාත් යටත්විජිත කාංසාවන්ගෙන් පීඩිත අවකාශයන් බවත්වා ගෙන යන ජාතිවාදි හා අධිකාරිවාදි ව්‍යුහයන් යළි යළිත් සමාජමය වශයෙන් ප්‍රතිනිර්මාණය කරන දේශපාලනයෙන් අප විනයන්ට ගැලවිය නොහැකිය. ශ්‍රී ලාංකේය භූමිය ස්වකීය ‘රට’ නැතහොත් ‘භූමිය’ ලෙස ආත්මීය ගත කරගෙන සිටින හෝ දේශපාලන අයිතියක් සේ දකින හා ප්‍රසංග කරන සිංහලුන්, දෙමළුන් හා මරක්කලයන් වාර්ගික මානයකින් බැඳ තබන හා එවන් මානයකින් තීරණය කරන ලද ඇසකින් දකින අධිරාජ්‍යවාදික අවදියේ දී නිශ්චිත ලෙස ස්වරූපනය වුණු පසුකලෙක ශ්‍රී ලාංකේය දේශපාලනයේ මූලික සංඝටකයක් වූ එම වාර්ගික දෘෂ්ටිය අතිික්‍රමණය කිරීම අද අවශ්‍ය වේ. මෙම සිතීමේ ක්‍රමය පදනම්ව ඇත්තේත් එය ස්වභාවික කර ඇත්තේත් අපගේ විනයන් තුන මතිනි. ඒවා ගොඩනැගූ ප්‍රවාදයන් මතිනි. සිංහලුන් යනු පොදු ජාන ප්‍රවර්ගයකින් සැදුම් ලත් ජන කොටසක් නොවේ. එසේ ම දෙමළුන් සහ මරක්කලයන් ද එසේ ම වේ. අපි මූලික වශයෙන් ම සංස්කෘතික හා සමාජ කණ්ඩායම් වේ. අප විනයන් තුන මගින් අපට ගොඩනැගිය හැක්කේ සංස්කෘතික ප්‍රවර්ගයක් මිස ජාන ප්‍රවර්ගයන් නොවේ. එසේ අපට ගොඩනැගිය හැකි සංස්කෘතික ප්‍රවර්ගයන් අත්‍යාවශ්‍ය ලෙස ම ඓතිහාසිකව ස්ථානගත කොට ඇත. ඒවා කාල හා අවකාශ මානයන්ගෙන් නිර්ණය වී ඇත.
ISBN
9789555200646
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අර්බුදයක් වීමසීම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.