Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමා

මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමා

About this book

මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් පිළිබඳ ව බොහෝ තොරතුරු ඇතුළත් පොත්පත් ලිපිලේඛන ලියවී ඇති නමුත් පාඨශාලාචාර්ය ජගත් නන්දන මහත්මා විසින් සම්පාදනය කර ඇති මෙම කුඩා පොත් පිංච නිලමේතුමන්ගේ චරිතයේ ඉතා දුර්ලභ හා වැදගත් තොරතුරු ගොනු කළ කෘතියකි. ලොකු කුඩා කා හට වුවද ඉතා කෙටි කලක් තුළ දී කියවා අවසන් කළ හැකි නිර්මාණයක් වන අතර ඉදිරිපත් කර ඇති දුර්ලභ ඡායාරූප තුළින් නිලමේතුමන්ගේ චරිත කතාවේ විශ්වසනීයත්වය වඩාත් තීව්‍ර කර ඇත.

සිත්ගන්නාසුලු රචනා ශෛලිය, අවස්ථා හා සිද්ධි ඉදිරිපත් කිරීමේදී චිත්තරූප මැවෙන ආකාරය පොතේ වටිනාකම තවත් වැඩි කරයි. චිත්‍ර කලාව හා ඉතිහාසය පිළිබඳ ව කතුවරයා ලබා ඇති ප්‍රාමාණික දැනුම තුළින් අන් අය හට යමක් ඉදිරිපත් කිරීමේ කලාව මැනවින් ප්‍රකට වන මෙවැනි කෘතීන් තව තවත් එතුමන් අතින් ලියවෙනු දැකීම අපගේ අභිලාශය වන බැවින් ඒ සඳහා ඉතසිතින් ආශිර්වාදය ප්‍රාර්ථනය කරමි.

පූජ්‍ය පෝරුවදණ්ඩේ සුමන හිමි
නැගෙනහිර පස්යොදුන් කෝරළයේ උපප්‍රධාන සංඝනායක
මදුරාවල ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපති
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
ගල්ලෙන රජමහා විහාරය-වරකාගොඩ,
සිරි විවේකාරාමය-ගාල්ල
සිරි සංඝරාජ ගුණෝදයාරාමය-කහඳ විහාරාධිපති

ISBN
9789557818986
පිටු ගණන (Pages)
28
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.