Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඒරන්ගේ ලෝකය

ඒරන්ගේ ලෝකය

About this book

අවු.8 සිට 13 දක්වා දිවෙන ඒරන් නමැති කොලු ගැටයාගේ දෘෂ්ටි කෝණයෙන් දෙවැනි ලෝක යුද්ධයේ අමානුෂික, හද කම්පා කරවන සිදුවීම් පාඨකයාට ඒත්තු යන අන්දමින් කියාපෑමට සමත්ව තිබීම The Book Of Aron කතුවරයාගේ සුවිශේෂිතාවය යි. විටෙක මෙහි එන සංසිද්ධීන් ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත සිහි ගන්වයි.

නැති බැරිකම සමඟ පරපෝෂිත උවදුරු, ලෙඩරෝග කරපින්නා ගත් මෙම ශාපලත් ජන කොට්ඨාශය මරණයේ සෙවණැල්ල යට දිවි ගෙවති. පාදඩ කොලු රෑනට වැටෙන ඒරන්, කුස ගින්දර නිවාගන්න හොරකමට පෙළඹෙයි.

හසරක් නුදුටු මේ කොලු ගැටයා සිය පණ මෙන් ආදරය කළ අම්මා ද අහිමි වු තැන මේ මිහිපිට තනිවෙයි.

ඔහු යළි ජීවිතය ලබන්නේ අනාථ ළමා නිවාසයකදී ය. ඉතිහාසයේ ජීවමාන චරිතයක් වූ, ළමා අයිතීන් වෙනුවෙන් සටන් කළ පෝලන්ත ජාතික යානුෂ් කොර්වැක් මෙම ළමා නිවාසයේ භාරකරුවාය.

ඒරන්, ජීවිතයේ මුල්වරට ආදරය, කරුණාව, මිනිස්කම හඳුනාගන්නේ මෙහිදී ය.

එහෙත් ජීවිතයේ කොතෙක් දුරක් ඔවුන්ට තව යා හැකිද?

යුදෙව් සංහාර සාහිත්‍යයේ එක් අගනා නිර්මාණයක් ලෙස සැලකෙන ද බුක් ඔෆ් ඒරන් ඇමරිකානු ලේඛක ජිම් ෂෙපර්ඩ් ගේ විශිෂ්ටතම නවකතාව ලෙස පිළිගැනෙයි.

ISBN
9789553113245
පිටු ගණන (Pages)
289
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඒරන්ගේ ලෝකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.