Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසම්මතයද අහිමි නුඹ

අසම්මතයද අහිමි නුඹ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මොහොකාවටද අනේ ඔයාලා හිනා වෙන්නෙ.. කවුද සමනලයා ...."
මම තරහෙන් එහෙම ඇහුවෙ කේශ්ගෙ හිනාවත් කලින්ට වඩා ටිකක් වැඩියි කියලා දැක්ක නිසයි...

"ඇත්තමයි කේශ්... උඹ කෙල්ලෙක්ව සෙකට්‍රි පෝස්ට් එකට ගන්නව වඩා හපන් වෙනවා මේකිව ගත්තු එක... එහෙම උනානම් අහන්න වෙන්නේ දැරංගල ඇමතිට හොර ගෑනු ඇත... කියන පදේ විතරයි.. ඒත් කමක් නෑ... හොර වුනත් ගෑනියෙක්නේ කියල ඉවසන්න පුළුවන්. ඒත් දැන්. මේකිව දකිද්දු ඔය ගොසිප් කාරයො උඹට හොඳ හොඳ කතා හදයි ඇමති පුතේ. මට මැවිලා පේනවා. ගොසිප් පේජ්වල හෙඩ්ලයින් යන හැටි.. "

දැරංගල ඇමති සමනලයෙක්ද..
"දැරංගල ඇමතිගේ සමීපයේ සිටින සුරූපී පිරිමියා කවුරුන්ද..."

" උඹට ලේසි වෙන එකක් නෑ පුතේ. උඹටයි මේකිටයි ලංකාවෙ උන් තත්ව සහතිකේ දීලයි නවතින්නේ."
මහිතුයි නිදුස් අයියයි මාරුවෙන් මාරුවට හිනාවෙනවා. කතාවේ අන්තිම හරියට එනකොටයි මට මේ කියන දේවල් වල තේරුම තේරුනේ..

"දැන් ඇති... ඕක නවත්තපල්ලා. උබලා මේකි කෙල්ලෙක් කියලා දැන දැනමනෙ පිරිමියෙක්ට ඇන්දුවේ . වෙන අඩන්තේට්ටුවක් වෙන්නේ මටනේ තවත් මේ කෙල්ලව වද දෙන්න එපා".එයාගෙ හිනාවත් බොහොම අමාරුවෙන් නවත්තගෙන තමයි කේශ් ඒ ටික කිවුවේ. ඒත් ඉතින් මගේ හිතට හරි නෑ වගේ. ඔව් ඉතින් පෙනුමෙන් වෙනස් කලා කියලා ගෑනියෙක්ව ලේසියෙන් පිරිමියෙක් කරන්න බෑනේ.

ISBN
9786245558148
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අසම්මතයද අහිමි නුඹ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.