Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ආසෙන් ලුපාන්ට එරෙහිව ෂර්ලොක් හෝම්ස්

ආසෙන් ලුපාන්ට එරෙහිව ෂර්ලොක් හෝම්ස්

About this book

ඔහු ඉදිරියට නැමී සිරුර දෙසට එබිකම් කළේ ය. ගෙලෙහි තිබූ පැහැදිලි කැපුම් තුවාලයකින් රුධිරය ගලා ගොස්, ඒවා බුමුතුරුණු මත කැටි ගැසෙන්නට පටන්ගෙන තිබිණි. මහත් භීතියයක ස්වභාවයක් සිටුවරයාගේ මුහුණ මත රැඳී තිබිණි.

“කවුරු හරි එයාව මරලා!” ඔහු භීතියෙන් කොඳුරන්නට විය. “කවුරු හරි එයාව මරලා!”

ඔහු ඇඳ අසලට ගමන් කර, එහි තිබූ පොරවනය ඉවත් කළේය. වරක් බර්ලිනයේ ප්‍රංශ තානාපති දුරය දැරූ හවුට්‍රක් සිටුවරයාගේ නිසල මළසිරුර එහි තැන්පත් කර තිබිණි. ගෞරවනීය කුරුසයන්ගෙන් සරසා තිබූ ඔහුගේ හමුදා කබාය, මළසිරුරට ඉහළින් තබා තිබිණි. ඔහුගේ මුහුණෙන් සන්සුන් බවේ ලක්ෂණ පෙන්නුම් කෙරුණු අතර දෑස්ද පියවී තිබිණි.

“කවුරුහරි මෙතෙනට ඇවිල්ලා තියෙනවා.” චාල්ස් පැවසීය.

“කොහොමද ගේ ඇතුළට එන්නෙ?” පොලිස් ප්‍රධානියා විමසීය.

“කවුද ඒ දේ කරන්න ඇත්තේ?”

“ඝාතකයා වෙන්න ඇති.”

ISBN
9786246023003
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආසෙන් ලුපාන්ට එරෙහිව ෂර්ලොක් හෝම්ස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.