අසු පිට නැඟි යක්ෂයා
යක්ෂ සිටුවරයා, උත්කර්ෂවත් කළු අසකු අරා සිටී ඇගේ නව සේවා යෝජකයා දුටු මුල් දිනයේ, මිනෙල්ලා මැඩොක්ස් රහසින් ඔහු නම් කළේ එලෙසිනි.
ඔහුගේ අහංකාර හැසිරීමට ද්වේශ කළ නමුත්, ඒ අඳුරු කඩවසම් පෙනුම විසින් ඔහු ඈ ආකර්ෂණය කර ගෙන තිබිණි. ඔහුගේ හිතුවක්කාර දියණියගේ සහායිකාව වී ප්‍රංශයට පැමිණෙන ලෙස ඔහු කළ ආරාධනාව ඈ පිළිගත්තාය.
නමුත් පැරණි මහා බලකොටුවක් වන්, ඔහුගේ ප්‍රංශ නිවහන වූ සිල්වේන් මන්දිරය කෙරෙහි වූ ඔහුගේ බල පරාක්‍රමය ඈ බිය ගැන්වීය.
සියුමැලි, බෙලහීන සිටුවරිය, ඇගේ කාමර පන්තියෙන් පිටතට වත් නොපැමිණෙන්නේ ඈ ඔහුට එතරම්ම බිය වූ නිසාද?
ඔහුගේ අවජාතක පුත්‍රයා ඉටියෙන්, මිනෙල්ලා මැඩොක්ස්, ඔහුගේ පරම සැතිරිය ලෙස සැලකුවේ කුමක් හෙයින්ද?
ගොවි පවුලකට දාව උපන් නමුත් මන්දිරයේ හැදී වැඩුණු ලියෝ න් සඟවා ගෙන සිටි රහස කුමක්ද?
ඒ සියල්ලටම වඩා ඈ බිය ගැන්වූයේ යක්ෂයා සම්බන්ධයෙන් වූ ප්‍රදේශ වාසීන්ගේ කසු කුසු ගෑම්ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.