අසූවේ පරපුරෙන් සන්නද්ධව
දේශපාලන ක්‍රියාධරයෙකුගේ ජීවිතය යනු න්‍යායික කරුණු ඇත්ත ලෝකයේ අත්හදා බැලූ විද්‍යාගාරයකි. දශක හතරක පමණ ඒ විද්‍යාගාර පර්යේෂණය පිලිබඳ ප්‍රමාණවත් තරමේ වාර්තාවක් දැන් අප අතට පත් වී තිබේ. කොතරම් දීර්ඝ වුවද මෙය කියවීම වෙහෙසකර කටයුත්තක් නොවේ. ”අසූවේ පරපුරෙන් සන්නද්ධව”, ඇත්ත වශයෙන් ම පශ්චාත් අරගල දේශපාලන ක්‍රියාධරයකු විසින් කියවිය යුතුම කෘතියකි.
අසූව පරපුරට අයත් වීම ම සන්නද්ධ වීමක් ලෙස ඔහු දැකීම පුදුමයක් නැත. ඇත්ත වශයෙන්ම, දෙදාහෙන් පසු දේශපාලනය, අසූව දශකයේ ලේ වැකි, ජීවිත උගසට තබා කරන්නට සිදු වුණු දේශපාලනයට සාපේක්ෂව කොතරම් සියුමැලිද, ආරක්ෂාකාරීද යන්න අමුතුවෙන් කිව යුතු නැත. මේ සියලු යුගයන් විනිවිද අඛණ්ඩ අරගලයක යෙදීමට පමණක් නොව තම ජීවිතයන් රැකගැනීමට සමත් වූ ක්‍රියාධරයෙකුගේ මේ මතක ලියවිල්ල මෙම යුගයෙහි කළ යුතු අනිවාර්යය කියවීමකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.