Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අවසන් දේශනය

අවසන් දේශනය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මහාචාර්යවරුන් බොහෝ දෙනෙකුට 'අවසන් දේශනය' නම් වූ 

සුවිශේෂ කථාව සඳහා ඇරියුම් ලැබෙයි. එහිදී 'ඔබ මෙතෙක් ඇසුරු

කළ සියල්ලන්ගෙන් මෙන්ම ඔබ ආදරය කළ සියලුම දෙයින් සමුගෙන 

හෙට දිනයේ දී ඔබට මෙලොවින් අතුරුදන් වන්නට සිදුවන්නේ නම් 

ඊට පෙර ලෝකයාට කියා ගන්නට ඔබට ඇත්තේ කුමක්ද....?' යන 

පැනයට පිළිතුරු දිය යුතු වෙයි. 

 

කානගි මෙලන් (Carnegie Mellon) සරසවියේ පරිගණක මානව 

අන්තර් සබඳතා (Human Computer Interaction) අංශයේ ප්‍රධානියා

මෙන්ම, සම්මානලාභී ගුරුවරයෙකු ද වූ, මහාචාර්ය රැන්ඩි පෝෂ්ට 

එම දේශනය සඳහා ආරාධනය ලැබෙන විට එය තම අවසන් දේශනය 

වනු ඇතැයි සිතන්නට ඔහුට කරුණු නොතිබුණ ද නොසිතූ විරූ 

ලෙසින් ඒ වන විටත් ඔහු පිළිකා රෝගයට ගොදුරු වී තිබිණ. 

එහෙත් 'ඔබේ ළමා වියේ සිහින සැබෑ කර ගැනීම' මැයෙන් ඔහු විසින් 

සිදු කරන ලද එම අවසන් දේශනය බැඳී තිබුණේ මරණය හෝ මියයාම 

ගැන නොවේ. සැබැවින්ම එය බාධක හමුවේ නොසැලී මුහුණ දීම, 

අනුන්ගේ සිහින සැබෑ කර ගැනීමට ඔවුන් සවිමත් කිරීම මෙන්ම 

සෑම මොහොතක්ම අවදියෙන් ගත කිරීම සම්බන්ධ වූවකි. 

එනම් ඔහුගේ අවසන් දේශනය මුළුමනින්ම බැඳී තිබුණේ 

'ජීවත් වීම' සම්බන්ධයෙනි. 

 

අද අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා පතළ මේ සුප්‍රකට දේශනයට 

සමගාමීව ඔහු අතින් ලියැවුණු මෙම කෘතිය හරහා මහාචාර්ය 

පෝෂ් බුද්ධිමය සංවාදයක් ඔස්සේ හාස්‍යය මෙන්ම භාවමය 

කම්පනයන් උද්දීපනය කරන්නේ, සැබෑ ජීවන දර්ශනයක් 

සංවේදී හදවත් තුළට සමීප කරමිනි. පාඨක සිත් තුළට ප්‍රවේශ 

වෙමින් ළෙන්ගතුව හදවත් කවුළු විවර කරවන මෙම කෘතිය 

පරපුරෙන් පරපුරට බෙදා හදා ගත හැකි අනර්ඝ කෘතියක් වන්නේ ය. 

 

දිවයින හා ඉරිදා පුවත්පත්හි ප්‍රධාන ප්‍රවෘත්ති කතෘවරයා මෙන්ම

නීතිඥයකු ද වූ මෙම කෘතියේ පරිවර්තකයා මේ වන විට කැනඩාවේ පදිංචිව සිටියි.

ISBN
9789556561531
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අවසන් දේශනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.