අවසන් දිවැසිවරිය
වොෂින්ටනයේදී ඝාතකයෙකුගේ වෙඩි පහරකට ලක් වූ අසරණ මිනිසෙකු කමාන්ඩර් ග්‍රේ පියර්ස්ගේ දෑත් මත අවසන් හුස්ම හෙළුවේ, විශාල අබිරහසක් ඉතිරි කරමිනි. මියයන මොහොතේ ඔහු අත්ලෙහි ග්‍රහණය කරගෙන හුන් ලේ වැකි කාසිය, ග්‍රීසියේ ඩෙල්ෆි දේවස්ථානයේ ඉතිහාසයට සම්බන්ධ පැරණි පුරාවස්තුවක් බව හෙළි වේ. අනුකම්පා විරහිත දඩයම්කරුවන් මෙම සොරකම් කරන ලද පුරාවස්තුව සොයද්දී, එය මනුෂ්‍යත්වයේ පදනමටම තර්ජනයක් වන කුමන්ත්‍රණයක රහස් හෙළිකරන යතුර බව සොයාගැනීමට ග්‍රේ පියර්ස්ට හැකි විය.
එක්තරා ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායමක්, අසාමාන්‍ය දක්ෂතා සහිත ඔටිසම් දරුවන් අතිශය බලවත් සහ භයානක යමෙකු බවට පත්කිරීමේ ක්‍රමවේදයක් සොයාගෙන තිබිණි. නව සහස්‍රයකයේදී තමාට ඇවැසි ලෙස ලෝකය පාලනය කිරීම ඔහුගේ අරමුණයි.
රෝහල් ඇඳක් මත අවදි වන, තම අනන්‍යතාවය මතක නැති මිනිසෙක්, කඳුකර සහ විකිරණශීලී ප්‍රදේශයක් හරහා පලා යමින් සිටී. මිනිසාගේ අරමුණ තමා සිරකර තැබූ භූගත පර්යේෂණාගාරයෙන් පලා යාම හෝ ජීවිතය රැකගැනීම හෝ පමණක් නොවේ. එය, ලෝක ජනගහනයෙන් හතරෙන් එකක කොටසක් සමූලඝාතනය වීම වැළකීමේ සටනකි.
ඉතිහාසයේ බරපතල රහසක් විසඳීම හරහා ලෝකය බේරාගැනීමේ අභිලාෂයෙන් පෙර සඳහන් කරන ලද නාඳුනන මිනිසාද, ග්‍රේ පියර්ස්ද අඛණ්ඩව සටන් වැදෙති. එහෙත් සැබෑ ගැටලුව මෙයයි.
'අනාගතය බේරාගැනීමට අතීතය ප්‍රමාණවත් වේවිද?'
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.