Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අවසාන රාත්‍රිය
About this book

ඇමෙරිකා රජයේ ඉහළ මට්ටමේ අති රහස්‍ය ලෙස පවත්වාගෙන යනු ලබන, ලෝකයේ ආරක්‍ෂාවට තර්ජනයක් වන ගැහැනු, පිරිමිබ අයගේ නාම ලේඛනය 'ඝාතන ලේඛනය’ ලෙස හැඳින්වේ. මෙම ලේඛනයේ මුලටම පැමිණ සිටියේ අනන්‍යතාවය සොයාගත නොහැකිවන ලෙස කරන තම දේශන මගින් බටහිර ඉහළ පෙළේ පුද්ගලයන්, දෙවියන්ගේ නාමයෙන් ඝාතනය කිරීමට අණ කරන අන්තවාදී ආගමික දේශකයෙකි. මෙසේ ආගමේ නාමයෙන් කරනු ලබන ඝාතන ඇමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ වැඩිවන විට මෙම පණිවුඩය නිකුත් කෙරිණ. “මොහු හඳුනාගෙන, සිටින තැන සොයාගෙන, වහාම ඉවත්කර දමන්න.”

මෙම කළ නොහැකි සේ පෙනුණු කාර්යය භාර වූයේ “හඹායන්නා” ලෙසින් පමණක් හැඳින් වූ හිටපු නාවික හමුදා නිලධාරියකුට ය. සැඟවී අන්තර්ජාලය හරහා දේශන කරන ඝාතකයා සොයාගැනීමට “හඹායන්නා” නූතන තොරතුරු තාක්‍ෂණ විශේෂඥයකු වූ ලාබාල තරුණයකු ගේ උදව් ලබා ගනී. දේශකයාට උදව් කළ පරිගණක විශේෂඥයාද පරදවමින් ඔහු තම දැනුම මෙහෙයවා කළ දස්කම් නිසා “දේශකයා” ගැන තොරතුරු සොයා ගැනීමට හැකි වෙයි. ඉන්පසු “හඹායන්නා” ට මෙම ඝාතකයා දඩයම්කර ගැනීමට හැකිවේද?

'THE KILL LIST’ ෆ්‍රෙඩ්රික් ෆෝසයිත් ඉතා මෑතකදී පළ කළ නවකතාවයි. ලෝක ත්‍රස්තවාදයේ රහස්‍ය බව හා බියකරු බව පෙන්වන මෙය නවීන පුවත්පත් සිරස්තලවලට පිටුපසින් සැබැවින්ම ලොවෙහි සිදුවන දේ ගැන මනා ඉඟියක් ලබාදෙයි.

ISBN
9789556563214
පිටු ගණන (Pages)
311
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අවසාන රාත්‍රිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.