අවි බිමක ගිනියම
About this book
තැන තැන බිම වැටී ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝප්‍රල් හීන්අප්පුගේ උත්සහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය.කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්‍රයත්නය ගස්ලබු ගසේ ඉහළ සිට පහලට රක්ත වර්ණයෙන් සදහන් වූයේය.බට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ.සහයට පැමිණි හෙලිකොප්ටරය ත්‍රස්තවාදි ප්‍රහාර හමුවේ ගොඩබැස්සවිමට නොහැකි වුයෙන් ගුවනේ නොපෙනි යන අයුරු කොකාවිල්හි සෙබලු බලා සිටියහ.ඒ වන විටද ලුතිනන් ඇලදෙනිය හීන් අප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය.මද්දහනේ අව් රශ්මිය භට නිවාසයේ වහල විනිවිද දැනෙන්නට විය.අවසානයේ සියල්ල ගිනියම් වු මොහොතක ක්‍රෝපල් හීන් අප්පු තම සීතල සිරුර පමණක් සහෝදර සඟයන්ට ඉතිරි කලේය.
මැදියමට ආසන්නවත්ම කොකාවිල් සටනෙහි තීරණාත්මක මොහොත එළැඹියේය.ලුතිනන් අලදෙනිය යළි මාන්කුලම වෙත කතාකරන්නට විය.ඔහුගේ ස්වරය සහමුලින්ම වෙනස්ව තිබිණ.හෙතෙම බෙහෙවින් කම්පනයට පත්ව සිටියේය.කඳවුරෙහි තිබූ සියලු වෙඩිදුව්‍ය ඒ වන විට අවසන් ව තිබූ අතර බරපතල තත්වයේ තත්වයේ තුවාල ලැබූවෝ 16 දෙනෙක්ද ඔහු සමඟ සංඥා මැදිරිය තුළ වුහ.එක් පසෙක බංකර් සියල්ල ද ගිනි ගනිමින් පිබිණ.සතුරන් අවි අමෝරා කඳවුරට කඩා වදින්නට ආසන්නය.එළඹෙන මොහොත කුමන ආකාරයේ වන්නේදැයි ඔහුට සක්සුදක් සේ පැහැදිලිය.කඳවුර වටා තැන තැන හදෙකලාව සටන් වදින තම සෙබළුන්ගේ නිරර්ථක උත්සහය ඔහු දුටුවේය.ජීවිත පිළිබඳ තවත් කිසියම් හෝ බලාපොරොත්තුවක් එකී සෑම මුහුණකම සටහන්ව තිබුණී.
Details
ISBN
9789559719137
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review