බක්මහේ විලාපය
සුසන්ත පී. කරඳන ලියු කුළුදුල් නවකතාව බක්මහේ විලාපය යි. කොළඹ ආනන්ද විද්යාලයේ ඉංග්රීසි ආචාර්යවරයකු වන නවකතාකරුවා ලංකාවේ ගැමි පසුබිමක ජීවත් වන ස්ත්රියකගේ භූමිකාව ප්රමුඛ කොට ස්වකීය නිර්මාණය කලාත්මක වින්යාසයකට ගොනුකරයි. ස්ත්රීන් විෂයෙහි පවතින මිථ්යා විශ්වාස ආගමික හා අභිචාරාත්මක චර්යාවන් විශද කරවන මේ නවකතාව මෙරට කිඳා බැස ඇති දරිද්රතාව චිත්රණය කරන අතර එම දුගී බවේ සංස්කෘතියේ ආදීනව පැහැදිලි කරමින් වාර්තාවක් නොකොට ප්රබන්ධ සන්දර්භයක තම නිර්මාණය පිහිටුවයි. භාෂාව, දෘෂ්ටිකෝණය, සංවාද, සංකේත, ජීවන දර්ශනය වැනි දෑ මගින් නවකතාකරු දිග ගමනක් යෑම අරඹයි. මනුෂ්ය චින්තන සන්තානයේ බල පවත්නා ගූඪ චෛතසික ධර්මයන් කෙරෙහි කතුවරයා තම ප්රතිභාපූර්ණ සූක්ෂ්මතාව යොමු කරමින් තම නවකතාව ඉහළ තලයකට නංවාලන්නට යත්න දරයි. ඔහුගේ එම ප්රයත්නය අගය කරමින් ශුභාශිංසනය ගෙන එනු කැමැත්තෙමි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.