Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බලාපොරොත්තුවේ ආලෝකය 1

බලාපොරොත්තුවේ ආලෝකය 1

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

"මම හිතන්නේ මම සටන්වලට ගොඩක් දක්ෂ වුණා. පුංචි කාලේ ගහගන්නයි, කඩු සටන්වලටයි, දුනු විදීමටයි ඒ හැම දේකටම මම සාමාන්‍ය අයට වඩා දක්ෂයෙක් වුණා.

මට ලැබුණේ හොඳ පුහුණුවක්. ඒ කියන්නේ ඇනිඑල්ලේ කඳුකර මිනිස්සු අතර පාලනය කරන ආදිපාදවරයාගේ පුතා හැටියට.

වයිෆෑන්ග් කඳුකරයේ හිටපු බලවන්තම පුද්ගලයා මගේ තාත්තා. ඒ නිසා මට විශේෂ පුහුණුවක් ලැබුණත් මට හරි විදිහේ පුහුණුවක් ලැබෙන්න පටන් ගත්තේ මම ඊගෝල්ඩ් මාලිගාවට ආවට පස්සේ, ඒ ඇවිල්ලා රාජකීය හමුදාවට බැඳුනට පස්සේ.” ඇය ඔහු පිටුපසින් ගමන් කළාය.

ඔහු ඇවිදින්න අමාරු විදිහට මුල් උඩට ඇවිත් තිබූ තැන්වලින් ඇයව ප්‍රවේසමෙන් කැඳවාගෙන ගියේ ඔහුත් එම මුල්වල පැටලෙන්නේ නැතිවය.

“මම හිතන්නේ ඔයාගේ අකීකරුකමයි, හරකෙක් වගේ ඔළුව කෙලින් කරගෙන ඉන්න එකයි වෙන්න ඇති ඔයාව හොඳ විනයගරුක සොල්දාදුවෙක් කරන්න ඇත්තේ නේද?” ඇය සිනාසී ඇසුවාය.

වෙට්ෆෝල්ටත් එයට සිනහා ගියේය. ඔහු සෙමින් ඔහුගේ වැලමිටෙන් ඇයට තට්ටු කළේය.

" ඔව්. මම හිතන්නේ ඒක තමයි සිද්ධවුණේ. මමයි ඉස්සෙල්ලාම පුහුණුවීම් පිටියට ඇතුළුවුණ කෙනා. ඒ වගේම අනික් හැමෝටම පස්සේ  එළියට ගියෙත් මම. හැබැයි ඉතින් උදේ ඉඳලා හවස් වෙනකම්ම මට සෑහෙන්න සටන් කරන්න වුණා. සමහර දවස්වල හොඳටම ගුටි කෑවා. සමහර දවසට ලේ පෙරෙන තුවාල සිද්ධවුණා. කොහොම වුණත් මම සටන අතෑරියේ නෑ‍ ඔහු කීවේය.

ISBN
9786246743215
පිටු ගණන (Pages)
507
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බලාපොරොත්තුවේ ආලෝකය 1

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.