බල්ලෙකුගේ හදවත
මිහායෙල් බුල්ගාකොව් (1891-1940) වෛද්‍යවරයෙක්ද පුවත්පත් කලාවේදියෙක්ද විය. ඔහු 'ප්‍රව්ඩා' පුවත්පතට නිතර ලිපි සැපයුවේය. ඔහුගේ ඇතැම් මතිමතාන්තර නොඉවසූ ජෝසප් ස්ටාලින් ඔහු විදේශගත වීමට ඉල්ලුම් කළ අවස්ථාවේ පෞද්ගලිකවම මැදිහත් වී ඔහුගේ ඉල්ලුම්පත ප්‍රතික්ෂේප කෙළේය. එතැන් සිට දශක ගණනාවක් තිස්සේ වාරණයට යටත්ව තිබුණු ඔහුගේ නිර්මාණ, නිකිතා කෘෂෝව්ගේ පාලන කාලය තුළ කෙටි කාල සීමාවකට වාරණයෙන් මිදී එළියට ආවත්, නැවත බ්‍රෙෂ්නෙව්ගේ පාලන කාලය තුළ තහනමට ලක්විය.
පශ්චාත් විප්ලවීය රුසියානු ලේඛකයන් අතරින් වඩාත් නිර්මාණාත්මක ලේඛකයෙකු වන මොහුගේ 'බල්ලෙකුගේ හදවත' (1925) රුසියානු විප්ලවය පිළිබඳ ලියැවුණු ඉතා තියුණු ප්‍රහසනාත්මක නිර්මාණයක් වශයෙන් සැලකේ. මොස්කව් නුවර කුණු බාල්දි අහුලන් කෑ නන්නත්තාර බල්ලෙකුට මිනිස් මොළයක් බද්ධ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඌ මානවීකරණය වීමේ ක්‍රියාදාමය තුළ, බද්ධ කිරීමේ අත්හදාබැලීම කළ විද්‍යාඥයා මුහුණදෙන අර්බුදය ඔහු හීනෙන්වත් බලාපොරොත්තු නොවූවකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.